IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බස් - බස් රේස් ගිහින් අනතුරක් කළාට වසර 13ක් හිරේට

(චන්දන හෙන්දුරුගොඩ)

ලංගම බස් රථයක් සමග තරගයට ධාවනය කරන අතරතුර ලංගම බස් රථය පසුකර යෑමට උත්සාහ කිරීමේ දී මඟීන් හත් දෙනකුට මරුකැඳවමින් තවත් 25 දෙනකු ආබාධිත තත්වයට පත්කරමින් පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ බෝක්කුවකින් පහළට පෙරළීමේ පෞද්ගලික බස්රථ අනතුරේ රියැදුරුට වසර 13 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අද නියම කළ පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය රුපියල් 55,800/-ක දඩයකටද ඔහු යටත් කළාය.

පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේදී මීට වසර 07කට පෙර මෙම අනතුර වී ඇත්තේ කොළඹ සිට මන්නාරම දක්වා බසය ධාවනය කළ විත්තිකාර පෞද්ගලික බස්රථ රියදුරුගේ නොසැලකිල්ල නිසා බවට තීරණය කළ විනිසුරුවරිය සියලු චෝදනාවලට විත්තිකරු වරදකරු බවට තීරණය කරමින් එලෙස දඬුවම් නියම කළාය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි සියලු චෝදනාවලට ඔහු වරදකරු බවට තීරණය කරමින් එලෙස දඬුවම් නියම කරන ලද්දේ අනතුරට පත් පෞද්ගලික බස් රථයේ රියැදුරු වූ මොහොමඩ් ජිප්රි මොහොමඩ් වාහිල් (38) නමැති සිව්දරු පියකුටය.

2017 නොවැම්බර් 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේදී කොළඹ සිට මන්නාරම් දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කරමින් නොසැලකිලිමත් අන්දමින් අපරික්‍ෂාකාරීව අධික වේගයෙන් ධාවනය කරමින් මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශය ආසන්නයේදී බසය අනතුරකට ලක් කළ බවට විත්තිකරුට එරෙහිව මුන්දලම පොලිසීයේ රථ වාහන අංශය නඩු පවරා තිබිණි.

පෞද්ගලික බස් රථය අනතුරට ලක් කර එහි ගමන් කරමින් සිටි හත් දෙනකුගේ මරණ සිදු කිරීම හා තවත් 25 දෙනකුට බරපතළ තුවාල කිරීම ඇතුළු චෝදනා ද මුන්දලම පොලිසීයේ රථ වාහන අංශය විත්තිකරුට එරෙහිව ගොනු කර ඇත.

 



අදහස් (2)

බස් - බස් රේස් ගිහින් අනතුරක් කළාට වසර 13ක් හිරේට

kotiya Friday, 14 June 2024 03:20 AM

සාපේක්ෂව ඉක්මනට තීන්දුව දීලා....

:       0       3

Nimal Friday, 14 June 2024 08:06 AM

එක මනුස්සයෙක් මැරුණු එකට ආසන්නව අවුරුදු දෙකක් හිරේ... හරිම අපූරුයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site