සුමිත් පොතුපිටිය

 කළුතර කටුකුරුන්ද ප්‍රදේශයෙදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ  අනතුරක් දෙදෙනකු මියගොස් ඇති බව පයාගල පොලිසිය සදහන් කරයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් කළුතර දූව පන්සල පාර ප්‍රදේශයේ පදිංචිව සිටී කාන්තාවක සහ ඇයගේ මුණුබුරෙකු බවද පොලිසිය සදහන් කරයි.

කොළඹ සිට මාතර බලා ගමන් ගත් බසය කටුකුරුන්ද හන්දියේ නවතා ඉදිරියට ගමන් කරද්දී ත්‍රිරෝද රථය මුහුනට මුහුණ ගැටි ඇති බව පොලිසිය කියයි.

ත්‍රිරෝද රියදුරුද බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කරතිබේ