(වන්නි රොමේෂ් මධුෂංඛ)
කිළිනොච්චියේ කණ්ඩාවලෙයි මුරුසමුට්ටේයි ප්‍රදේශයේදී අද (25) දහවල් පෞද්ගලික බස් රථයක ටිපර් රථයක් ගැටීම නිසා පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවට කිලිනොච්චිය ධර්මපුරම් පොලීසිය පවසයි.
කිලිනොච්චිය පරන්තන් සිට මුලතිව් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක අධික වේගයෙන් ගමන් කල ටිපර් රථයක් බස් රථයේ පිටුපස කොටසේ ගැටීම නිසා මෙ අනතුර සිදුව තිබෙන බවට අනාවරණය වී ඇත.
අනතුරින් තුවාලකරුවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර ටිපර්රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බව පරීක්ෂණ කටයුතු සිදුකරන ධර්මපුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම සතියේම ටිපර් රථ අනතුරු ඇතිකරනවා. මෙහි රියදුරන් පාරෙ රේස් යනවා. බලධාරින් මීට අවධානය යොමුකොට ටිපර් රථ සඳහා වහාම නීති පැනවිය යුතුයි.
ටිපර් එක එළවලා තියෙන්නේ රංජන්ගේ සහෝදරයෙක් නේද?