(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 13.1 බන්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී ඊයේ (23) සවස ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කල බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ඇඟලුම් සේවිකාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය කියයි
තුවාල ලැබූවන් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත
මෝටර් රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දිසාවට ධාවනය වෙමින් තිබියදී එම දිශාවටම ධාවනය වෙමින් තිබූ ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථය මෝටර් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
අනතුර වන අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයන් දෙදෙනකු ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනාට හා බස් රථයේ ගමන් ගත් ඇඟලුම් සේවිකාවක ට අනතුරෙන් තුවාල සිදුවී ඇත
පානදුර ඇඟලුම් කර්මාන්තශාලාවක සිට බියගම ඇඟලුම් කර්මාන්තශාලාවක් වෙත ඇඟලුම් සේවිකාවන් 25 ක් දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර වී ඇත
තුවාල ලබා ඇත්තේ බණ්ඩාරගම වල්ගම නුගේගොඩ සහ කැලණිය පදිංචිකරුවන් ය
බස්රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි
අනතුරින් මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇත
බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත
දක්ෂිණ අධිවේගී වාහන කොට්ඨාසය කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂක පොලිස් අධිකාරී අනුරාද මහින්දසිරි සහකාර පොලිස් අධිකාරී වසන්ත කෝරළගේ මහත්වරුන් ගේ උපදෙස් මත ගැලනිගම රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන 14612 සම්පත් 13516 පත්මසිරි මහත්වරු පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 04
796
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බස්-කාර් හැපී තිදෙනෙක් රෝහලේ
Silva Friday, 24 November 2023 08:56 AM
වරදට අදාල රියදුරාගේ රිදුරැ බලපත්‍රය සදාකාලිකවම අවලංගු කල යුතුයි.