
(අංජුල මහික වීරරත්න)
ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසල පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට ජනාධිපති කාර්යාලය තීරණය කළේය.
බෙල්ලන්විල ඇසල පුණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය 73වන වරටත් අගෝස්තු 2 වැනිදා සිට 20 වැනිදා දක්වා උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදී බෙල්ලන්විල ඇසල පෙරහර කමිටුව සංවිධාන කටයුතු කරයි.
පෙරහර මංගල්‍ය සඳහා වාර්ෂිකව දායකත්වය දෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සම්පත් දායකත්වය මෙවර ද ලබා ගනිමින් පුණ්‍යෝත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු රවටන්න අවශ්‍ය නිසා මිසක් පෙරහැරවල් මොකටද රාජ්‍ය අනුග්‍රහයෙන් කරන්නේ?
එතකොට මිහින්තලේ පොසොන් පිංකම...?