(අංජුල මහික වීරරත්න)

පශු වෛද්‍යවරුන් රාජකාරි වේලාවේ දී පශු සම්පත් සංරක්ෂණය සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු අතර බල්ලන් බළලුන්  ඇතුළු සුරතල් සතුන්ට ප්‍රතිකාර කිරීම් රාජකාරී වෙලාවෙන් පිට කරන්නැයි කරන්නයි නිර්දේශ ඇතුළත් වාර්තාවක් සකසන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට  උපදෙස් දුන්නේය.

රජයේ පශු වෛද්‍යවරුන් විශාල පිරිසක් ගව, මී ගව, එළු හා ඌරන් වැනි පශු සම්පත් වල සෞඛ්‍ය තත්ත්වයන් ගැන සොයා බලනවාට වඩා බල්ලන් හා බළලුන්ට ප්‍රතිකාර කිරීමට වැඩි උනන්දුවක් දක්වන බැවින් ඔවුන්ට රාජකාරි වේලාවන් වල වැඩි කාලයක් පශු සම්පත් සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස උපදෙස් දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්  අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.