IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට විතරක් සීමා කරගමු

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දේශපාලන බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බලය ලබා ගැනීම සඳහා දේශපාලකයන් ජනතාව ඉදිරියේ මවන සුරංගනා කතා ගැන ජනතාව පරිස්සම් විය යුතු බව කී ජනාධිපතිවරයා එවැනි දේවල් වලින් වන්නේ රට නැවත බංකොලොත්භාවය කරා ඇදගෙන යාමට මග පෑදීම බව සඳහන් කළේය.

අයවැය විවාදයේ අවසන් දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

 රට ගොඩ නැංවීම සඳහා වන දෙවැනි ණය වාරිකය  අනුමත කළ බව මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

අභියෝගාත්මක ගමනට නායකත්වය දෙන්නට හැකිවීම ගැන මා තුළ ඉහතමානී සතුටක් තිබෙනවා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ ,නායකයෝ කිසි කෙනෙක්ට ඉස්සරහට එන්න ධෛර්යයක් තිබුණේ නැහැ. මට තිබුණේ අධිෂ්ඨානය සහ සැලසුම් විතරයි.වැල් පාලමේ ගමන ගැන සමහරු උපහාසයෙන් කතා කළා. නමුත් ජනතාව අපහසුවෙන් වුවද කැපකිරීම් කළා.

මා ගත් සමහර දුෂ්කර තීරණ ජනතාව අපහසුවෙන් වුවත් විඳදරා ගත්තා. සියලු දෙනා වින්ද දුක් කරදර වල  ප්‍රතිඵල ලෙස රට බංකොලොත් බවින් මුදා ගන්නට දැන් හැකියාව තිබෙනවා. ඒ සියලු දෙනා රටේ ගමනේ සාඩම්බර කොටස්කරුවන්. ලොව බොහෝ රටවල් බංකොලොත් බවට පත්වීමට ගත වූ කාලයට වඩා අඩු කලකින් අපට ඒ බංකොලොත් ලේබලයෙන් මිදෙන්නට හැකියාව ලැබුණා.



අදහස් (10)

බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට විතරක් සීමා කරගමු

අනුර Wednesday, 13 December 2023 11:54 AM

ඉස්සල්ලා ජන්දේ තියන්න එපැයි. ඉස්සරහට එන්න ඕනේ මිනිස්සු ඉස්සරහට ආවා. මොකෝ තමුන් නිතරගයෙන් පත් උනේ නෑනේ. ඩලස් සහ අනුරත් තරග කරා. ඒත් හොරු ටික රකින්න සුදුසු කෙනාව තමයි හොරු ටික ජන්දේ දීලා පත් කලේ. පාලු ගෙවල් වල ඉදන් වළං බිදින්නෙ නැතිව පිරිමියෙක් විදියට බැරිනම් ගෑනියෙක් විදියට වත් එනවකො ජන්දෙකට. දෙකටම නැති එකෙක් වගෙ සාටකෙට මුවා වෙන්නෙ නැතුව

:       117       39

Hafeel Wednesday, 13 December 2023 11:54 AM

එදා බලය හුවමාරු වුනේ හොරුන් අතර. ඒ නිසාමයි මේ පින් ජනාධිපති දුරය ඔයාට දුන්නේ. හොරුන් කවදාවත් අනුරට බලය දෙන්න නැහැ. ඒ නිසා කොව්රුත් එදා ඉදිරිපත් වුනේ නැහැ කියන එක මෝඩ කතා.

:       78       37

Chandana Callistus Fernando Wednesday, 13 December 2023 12:07 PM

ආචාරය !!!

:       13       45

fairoos Wednesday, 13 December 2023 12:37 PM

දැන් ඉතින් ඇතිනේ ඡන්දයක් තියලා විශ්‍රාම ගන්න...!

:       45       23

Amal Wednesday, 13 December 2023 12:50 PM

දේශපාලන බලයට ඇති තණ්හාව 226 ටම අසීමිතව ඇත. රට බංකොළොත් බවින් මිදෙන්නට පොතට හැකියාව ලැබුණට, ජනතාව තාමත් අපහසුවෙන් කැපකිරීම් කරමින් සහ අපහසුවෙන් වුවත් විඳදරා ගනිමින් සිටිනවා. කොටින්ම, ජනතාව තාමත් බංකොළොත්... ජනතාව සියලු දෙනා වින්ද දුක් කරදරවල ප්‍රතිඵල ලෙස, පිං ජනාධිපතිවරයා සහ තක්කඩි ගෝලයෝ සියලුදෙනා සමග පාර්ලිමේතු හැතිකරේ සදහටම තොලොන්චි වෙනවා.!!! ටිකක් ඉන්න...

:       38       23

Rata Perata Wednesday, 13 December 2023 12:55 PM

ඕක කියන්න කණ්ණාඩියක් ඉස්සරහට ගිහින්. පිස්සු කියලා තේරෙන්නේ නැහැනේ...

:       14       53

Ruwan Wednesday, 13 December 2023 01:01 PM

නියමිත කාලයට තියන්න තිබ්බ පළාත් පාලන ඡන්දේ තමයි ඔහේ ... චක්‍රලේඛන ගහලා... කල්දාගත්තේ...!

:       14       22

Kazi Shajahan Wednesday, 13 December 2023 02:28 PM

අපිට ජන්දයක් දෙන්ඩකෝ , මග බලගෙන ඉන්නෙ දෙන්ඩ දුවන්ඩ

:       10       19

achini Wednesday, 13 December 2023 04:08 PM

රාජපක්ෂ හොරුන් හොරාකාපු ඒවා ගත්තා නම් රට ගොඩ...

:       41       11

Perera Thursday, 14 December 2023 07:05 AM

මූට තියන බල තණ්හාව මැතිවරණ වලට සීමා නොවුන මුගේ ලේවල තියන එකක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site