
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන බ්ලූ මැන්ඩල් රේල් පාර අසල වෙළඳසලක් පවත්වාගෙන යන පුද්ගලයකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා රෝහල් ගත කළ බව කොටහේන පොලිසිය කියයි.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වයස අවුරුදු 38 ක පමණ පුද්ගලයෙකි.
වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අත්හැර දමා පලායාමට සූදානම් කර තිබූ බවට සැක කරන යතුරු පැදියක් සහ ආරක්ෂක හිස් වැසුම් දෙකක් කොටහේන මැටි පාක් ප්‍රදේශයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
තුවාල ලද පුද්ගලයා බ්ලූ මැන්ඩල් රේල් පාර ආසන්නයේ ශ්‍රී බෝධිමළු විහාරය අසල පලතුරු සහ පරවියන් අලෙවි කරන වෙළඳසලක් පවත්වාගෙන යන අයකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඔහු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ජාතික ආරක්ෂාවට ටියුෂන් දෙන්න ආපු මහත්මයා?
බංකු බංකු කෝ...?
ඇයි මේ රටේ අනවසර ගිනි අවි භාවිතයට දඩුවම් නැත්තෙ? මරණ දඩුවම නැත්නම් දිවි ඇතිතෙක් හිරේ දමන්න නීති හදන්න බැරි ඇයි?
ටියුෂන් දෙන්න ආපු මහත්තයා තක්බීර් වෙලා ඇත්තේ, මොකෝ කයිය වගේ නෙවේ නේ වැඩක් කරන්න කිව්වාම,
ගහල මරලා, වෙඩි තියලා, ඔහොම නිවුස් එකක් නැති දවසක් නැහැ, එහෙමත් නැත්නම් ලොකු අනතුරක් වෙලා එකතැන විස්සක් තිහක් එලොව ගිහින්. පෝය දවසෙත් තිබුනා, ඔන්න රටකට ගිය කල.