(සිතුම් චතුරංග)
බලපත්‍ර නොමැතිව ඉන්ධන තොග රැස්කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු යාපනය චුන්නාකම්, මයිලන්කාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලිසිය පවසයි.
වැඩි මිළට අලෙවි කිරීම සඳහා සූදානම් කොට තිබෙන ඉන්ධන තොගයක් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ තොරතුරක් අනුව ව්‍යාපාරිකයින් දෙදෙනාගේ නිවෙස් සිදුකළ පරීක්ෂාවකදී භූමිතෙල්, ඩීසල් හා පෙට්‍රල් බැරල් 11 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබි භූමිතෙල් ලීටර 1670 ක්, පෙට්‍රල් ලීටර 370 ක් හා ඩීසල් ලීටර 249 ක් තිබි සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
එක්රැස්කරන පෙට්‍රල් ලීටරයක් රුපියල් 500 ක පමණ මුදලකට අලෙවි කරන බවත් ඩීසල් හා භූමිතෙල්ද ඉල්ලුම අනුව අධික මිල ගණන් යටතේ අලෙවිකරන බවට අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.
ඉන්ධන හිඟය මතුවූ දිනයේ සිට සැකකරුවන් දෙදෙනා ඉන්ධන පිරවුම්හල් සේවකයින් සමඟ එක්ව ඉන්ධන රැස්කොට වැඩිමිලට අලෙවිකොට ඇති බවත් කීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් යාපනය චුන්නාකම් , මයිලන්කාඩු හි පදිංචි අවුරුදු 46 ක් හා 48 ක් වයසේ පසුවන්නෝ වෙති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බලපත් නැතිව ඉන්ධන රැස් කළ 2ක් මාට්ටු
fairoos Sunday, 29 May 2022 04:55 PM
එතකොට ගෑස් ටැංකි 40ක් තියාගෙන හිටපු ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න බැරිද?