
( තිලකරත්න දිසානායක.)
ඖෂධ අලෙවි කිරීමට අවශ්‍ය බලපත්‍රයක් නොමැතිව රාගම නගරයේ ඖෂධ අලෙවි කළ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා අක්ෂි රෝග ඖෂධ තොගයක් අත් අඩංගුවට ගත් බව
ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි.
ලද තොරතුරක් මත අදාල ස්ථානය පරීක්ෂාවට ලක් කළ බවත් එම ස්ථානයේ අක්ෂි කාච සහ කණ්නාඩි අලෙවි කරමින් අක්ෂි රෝග සදහා වන ඖෂධ අලෙවි කිරීම සිදු කොට ඇති බව පෙනී ගිය බවත් ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය.
අදාල ස්ථානයෙහි තිබී අක්ෂි රෝග ප්‍රතිකාර පිනිස ලබා දෙන ඖෂධ වර්ග 16 ක් සොයා ගනු ලැබූ බව හෙතෙම සදහන් කළ අතර එහි සේවයෙහි නිරතව සිටි 19 හැවිරිදි සේවිකාවක් සහ ඖෂධ තොගය නිලධාරීන් බාරයට ගනිමින් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යටත්ව බැඳුම්කර ඇප මත මුදා හළ බවද කීය.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපත් නැති ඖෂධ හලෙන් ලක්ෂ 6ක අක්ෂි ඖෂධ