
( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරයේ ඇති රා තැබැරුම 2025 වසර සදහා දෙකෝටි විසිඑක් ලක්ෂයකට අද (12) බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදී ටෙන්ඩර් වු බව බලන්ගොඩ ප්‍රදේශිය මහ ලේකම් ලක්ෂිකා මිගෙල්ආරචිචි මහත්මිය පැවැසුවා.
එම රා තැබැරැම 2025 වසර සදහා වෙන්දේසි කිරිම සදහා ලංසු කැදවා තිබුණ අතර එහිදී ටෙන්ඩර් කරු වන් හතර දෙනෙකු විසින් මිල ගණන් ඉදිරි පත් කර තිබුණි.
නියමිත කොන්දේසි සපුරා නොතිබිම හේතුවෙන් එක් ටෙන්ඩර් පතක් අවලංගු කෙරැණ අතර ඉතිරි ටෙන්ඩර් පත් වලින් ඉහළම අගයක් ඉදිරිපත් කර තිබුණ දෙකෝටි විසිඑක් ලක්ෂක මුදලකට එය වෙන්දේසි කෙරිණි.
එම රා තැබැරුම 2025 වසර සදහා රජයේ තක්සේරු වෙන්දේසි මුදල ලෙස රුපියල් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් ලෙස තක්සේරු කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතු කම්කරු වැටුප 1700 කළොත් ලබන පාර ඕක විකිණෙන්නේ කෝටි 3ට...