
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාන්තාවන් අයුතු ලෙස සිරකර බිය ගන්වා අඩ නිරුවත් ඇඳුම් අන්දවා ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා පටිගත කර අන්තර්ජාලයට මුදාහැර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක් සිදුකළ ප්‍රධාන සැකකරු හා සහය වූ කාන්තාවක අත්අඩංගුවට ගත් බව ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කියයි.
එම ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය , ගංජා,කාන්තා අඩ නිරුවත් ඇඳුම් , කාන්තා යට ඇදුම් ,විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් බැංකු කාඩ් පත් , දේශීය සහ විදේශීය මුදල් , උපත් පාලන කොපු , ජංගම දුරකථන ඇඳට සවි කරන උපකරණ , ලැෆ් ටොෆ් පරිගණක සහ ජංගම දුරකථන , කාන්තාවන්ගේ පුද්ගලික තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද ගිවිසුම්පත් රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
පොල්තෙල් ව්‍යාපාරික ස්ථානයක ආහාර පිසීමට සහ දරුවා බලා ගැනීමට යැයි පවසා මීට දින කීපයකට ඉහතදී එම ස්ථානයේ රැකියාවට පැමිණි බදුල්ල සහ වැල්ලවගෙදර ප්‍රදේශවල වයස අවුරුදු 27 හා 34 හැවිරිදි කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයෙන් පලා විත් පොලිස්පති සහන මැදිරියට කරන ලද පැමිණිල්ලක් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ඇතුළු කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී ඉතා රහසිගත ලෙස කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මෙම මිනිස් ලිංගික ජාවාරම නීතියේ රැහැණට අසුකර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
එම ස්ථානයේ රැකියාව පතා හා ඔවුන්ට මුල් දිනවලදී නිත්‍ය රැකියාව ලබාදී අනතුරුව පෞද්ගලික තොරතුරු ලබාගෙන අනතුරුව බලහත්කාරයෙන් සිරකර ගෙන තබා ගනිමින් මෙලෙස විවිධ පුද්ගලයන්ට ලිංගික අවශ්‍යතා සඳහා අලෙවි කර තිබූ බවත් රුපියල් 2500/= ක මුදලක් කාන්තාවන් වෙත ලබා දී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂවරැන්ගේ දූෂණය, ඒ නිසාම ඇති වූ අන්ත දරිද්‍රතාව, සමාජ අසාධාරණය, සම්පත් නිසි සේ බෙදී නොයෑම, ධනවාදය, ඉලෝන් මක්ස් වැනි ආර්ථික ඝාතකයන් මෙරටට පැමිණීමට පිඹුරැපත් සැකසීම, 70 වසරක සාපය, බුද්ධාගම, ගමට අධිකරණ බලය නොමැති වීම වැනි කරැණු නිසා මෙවැනි තත්ත්වයන් ඇති වී ඇත. තව පෝය කීපයකින් බලයට පත්වන ජජබ රජයකින් මෙවැනි ගැටලු මෙරටින් සදහටම තුරන් කරනු ඇත.
ඔක්කොටම කලින් ලංකාවෙ පොලිසියට සහ නීති සකස් කරන්නන්ට මේ අද ලෝකයේ තියෙන නවතාවයන් සහ තාක්ෂණය ගැන දැනුමක් ලබල දෙන්න ඕනෙ.ඊට පස්සෙ සාමාන්‍ය දැනීම ගැන අවබෝධයක් ලබල දීල මේ වගේ දේවල් ගැන කටයුතු කරන හැටි උගන්වන්න ඕනෙ.එහෙම නැටි උනොත් ලංකාවට වෙන්නෙ ලෝකෙ එක්ක ඉදිරියට යනව වෙනුවට පිටිපස්සට ගිහින් නැතිවෙලාම යන එක.