
(අමිල චින්තක ගමගේ)
රුපියල් 60 ක්ව පැවති බුලත් විටක් මේ වන විට රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසති.
ඇතැම් ප්‍රදේශවල අධික මිලකට බුලත් විටක් විකිණීමට අකමැති වෙළෙන්දන් බුලත් විටට පුවක් බාගය දමා අලෙවි කරනු දක්නට ලැබෙන බව පාරිභෝගිකයෝ කියති.
ඒ අනුව පුවක් ගෙඩියක් දෙකට කපා ඉන් එක් භාගයක් රුපියල් 25කට අලෙවි කරන බවත් ඊට හේතුව ලෙස බුලත් විට වෙළෙඳුන් පවසන්නේ මේ දිනවල පුවක් ඵලදාවේ අඩුවක් පවතින බැවින් මෙලෙස බුලත් විටක මිල ඉහළ දැමීමට සිදු වූ බවයි.
මේ දිනවල පුවක් ගෙඩියක් රුපියල් 50ත් 60ත් අතර මිලක් වන අතර එක් විටක් සෑදීම සඳහා බුලත් කොළ තුනක් සහ එක් පුවක් ගෙඩියක් යොදාගෙන එය රුපියල් 130කට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුලත් විට රු. 60 තිබ්බේ කවදා කොහේද කියන්න නම් නොදනිම්, 80,100ට නම් තිබුණා. හැමදේම ගිණිගනන් කිසිම සහනයක් නැහැ, රජයක් නැති ගානයි.
අපේ මාලිමා ආන්ඩුවක් ආවම බුලත් කාල කෙල ගහන එක අවම කරන්න බුලත් විට වල ගාන වැඩි කරනවා.එතකොට බුලත් විටටත් අපමණ අගයක්.
පුවක් ගෙඩියක් රුපියල් 20 යි .ඉස්සරහට තව අඩු වෙනවා .සැපයුම හොඳට තියනවා ..බුලත් ,දුම්කොලත් දැන් මිල අඩුයි .මේක කඩ කාරයන්ගේ මාෆියාවක් ..බුලත් විට නොගෙන බඩු ටික වෙනම ගන්න ඕනේ හැමෝම .තොග කඩ වලින්