
(අංජුල මහික වීරරත්න)
බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට යූරෝ 17,600ක මුදලක් පරිත්‍යාග කළේය.
ඒ අනුව, බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ උප සභාපති නිමල් ජයකොඩි මහතා විසින් ඊට අදාළ මුදල ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී බාර දෙන ලදී.
මෙම මුදල් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් මාතලේ, ගම්මඩුව දෙමළ මහා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් යෙදවීමට නියමිතය.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත පෙරේරා මහතාගේ සම්බන්ධීකරණයෙන් යුතුව බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ දායකත්වය මේ වෙනුවෙන් ලබා දී ඇති අතර, මේ සඳහා බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය, බෙල්ජියමේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහ බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහායද හිමිව තිබේ.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත පෙරේරා, බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ සාමාජිකා තරංගා සුභාෂීණී යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd