IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බොල්ගොඩ ගඟේ ගිය එක්දරු පියා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්පැන් ජාවාරම්කරුවකු සමග අද (6) අලුයම බොල්ගොඩ ගඟේ පිහිනාගෙන පැමිණෙමින් සිටි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි.

එම අතුරුදන්වීම සම්බන්ධයෙන් පැය දහයකට පමණ පසු පොලිසියට පැමිණිලි කළ මත්පැන් ජාවාරම්කරු පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා පැවසීය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම කෝට්ටෙගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි  32 හැවිරිදි එක්දරු පියෙකි.

මත්පැන් ජාවාරම්කරු අතුරුදන්ව සිටින පුද්ගලයා සමඟ මත්පැන් පෙරීම සඳහා ඔරුවක් ආධාරයෙන් අලුබෝමුල්ල ප්‍රදේශයට ගොස් ඇතැයි පොලිසිය කියයි.

පැමිණීම සඳහා ඔරුව නොතිබූ හෙයින් ඔවුන් දෙදෙනා ගෑස් සිලින්ඩරේ සහ නීති විරෝධී මත්පැන් කෑනයත් රැගෙන බොල්ගොඩ ගඟේ පිහිනා පැමිණීමේදී සිය සගයා දිය රළකට හසු ව නොපෙනී ගිය බවත් බේරා ගැනීම සඳහා උත්සාහ දැරුවත් අසාර්ථක වූ බවත් එම පුද්ගලයා පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.

 



අදහස් (0)

බොල්ගොඩ ගඟේ ගිය එක්දරු පියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site