(ගයාන් සූරියආරච්චි සහ ඩී ජී සුගතපාල)
බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගය අසලදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23 හා 33 වන බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියන් බව පොලිසිය පවසයි.
බෙලිඅත්ත ප්‍රදේශයේදී පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හක්මන පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව එම ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සඳහා ආධාර අනුබල දීම යටතේ සැකකාරියන් දෙදෙනෙකු රත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
අපරාධය සිදුකිරීමෙන් අනතුරුව එක් සැකකාරියකට අයත් යතුරුපැදියකින් ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක කරා පිටියේ සිට බූස්ස ප්‍රදේශය දක්වා ප්‍රවාහනයකට ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර ,පසු කට්ටිය අල්ලයි .හැබැයි වැඩේ කරපු වැඩේ කරන්න සැලසුම් කරපු කට්ටියව නම් කවදාවත් අල්ලන්නේ නෑ