IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බිල වැඩි යැයි මනු කියවන්නාට පහරදීලා

(සුමිත් පොතුපිටිය)

ජල බිල වැඩිව තිබෙන බවට ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් අද උදැසන මනු සටහන් කියවන්නාට රෝහල් ගතවෙන්නට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පයාගල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුර පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.

පහරකෑ පුද්ගලයා කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (7)

බිල වැඩි යැයි මනු කියවන්නාට පහරදීලා

sharm war Thursday, 10 November 2022 11:50 AM

ආ වතුර බිල වැඩිද?ඇයි ලයිට් බිල අඩුයිද ?එළවලු ?ගෑස් ?හාල්?ඒවා ලාභයිද ?මෝඩයෝ .බිල් මනුස්සයා නෙමෙයි ගණන් තීරණය කලේ.ඔහේ උඩ දාගෙන චන්දේ දීලා පත් කර ගත්තු හොරු.උන්ගේ පැවැත්මට..ගහනවා නම් උන්ට ගහන්න .මේ අසරණ මනුස්සයාට තඩි බාන්නේ නැතුව

:       0       18

fairoosThursday, 10 November 2022 12:23 PM

විශය භාර ඇමතිට ගහන්ඩ පුලුවන්නම් ගහනව තමයි.. පුලුවන්නම් එන්ඩ කියන්ඩ ගමට

:       0       6

PereraThursday, 10 November 2022 01:28 PM

රටෙ චන්ද දායකයින් බහුතරයක් ඔය වගේ මැටි මොල්ලු නිසා තමයි රටට මෙ හෙන ගහල තියෙන්නෙ.

:       0       2

සුරංග Thursday, 10 November 2022 12:28 PM

ජල බිල් හා විදුලි බිල් නිවසට ගෙනවිත් දෙනවා නමුත් විදුලිය බිල් වල අය ක්‍රමය යෙදීමේදී නිවාස වර්ග කරන්නෙ කොහොමද අපි දන්නෙ නැහැ .ඒ ගැන දැන්වත් කරන්න අනෙක තමයි දුරකථන බිල් ඒවා ගෙදරට එවන්නෙ නැහැ ඇහුවම විවිධ ගණන් කියනවා බිල් හැදෙන්නේ කොහොමද අපි දන්නෙ නැහැ විස්තරයක් නැතුව බිල් අයකිරීම පාරිභෝගිකයන් ගසාකෑමක් කියලා කියන්න පුළුවන් ඒ ගැන TRC නැත්නම් විදුලි සංදේශ නියාමන කොමිසමේ අවධානයට යොමුවේවා කොහොම වුනත් දැන්නම් දුරකථන බිල් ගෙවීමට හැකියාව ඉතාමත් අඩුයි තවත් මාසයක් හමාරක් බලලා ඉවත්කර ගන්න කියන්න වෙනවා

:       1       6

zeylanicusThursday, 10 November 2022 09:36 PM

තමන්ගේ නොදන්නාකමට ඒ ආයතන පලි නෑ. දුරකථන බිලේ විස්තර තියෙනවා. අවශ්‍ය නම් කතාකළ අංක, පාවිච්චි කළ ඩේටා වුණත් බලාගන්න පුළුවන්. විදුලි බිල හැදෙන හැටිත් ඒ සමාගමේ වෙබ් පිටුවේ තියෙනවා. ඒ ඒ ඒකක ගණන අනුව අයවන ගණනත් පෙන්නා දෙනවා.

:       0       2

ravin Thursday, 10 November 2022 12:31 PM

මනු කියවන්නාට තඩි බාපන්. බිලෙ ගනන වඩිකරන්න අත උස්සපු දේශපාලුවාට වැදපන්. මනු කියවන්නා එම වෘතියෙ නියැලෙන්නෙ තමුන්වගේම ඔහු හෝ ඇයගෙ පවුල නඩත්තු කිරිමට බව තරයේ මතක තබාගන්න.

:       0       9

Senarath Thursday, 10 November 2022 02:28 PM

සමහර මනු කියවන්නොත් හරිම අසඩරන වඩ කරනව. මෙගෙ වසාදමා තියෙන නිවසකට යුනිට් 60 ක විදුලි බිලක් ලැබුන. එකේ සදහන් කරල තියෙන්නෙ අස්තමෙන්තු කල බවට. දෙවෙනි මාසෙදි යුනිට් 100ක් විදියට දමල. ගෙ අතුලටත් කිසිම විදුලියෙන් වැඩකරන උපකරනයක් නොමැති බව පෙන්නුවම උනිට් 100 ය 60 ට අඩුකල. මොනතරම් අසාදාරන නිලදාරියෙක්ඩද? එ වගෙම හොඳ නිලදාරීන ඉන්නව, එක් මසෙක උත්සවයක් වැනි දෙයක් නිසා බිල ඉහල ගියොත් එකෙන් කොටසක් ලබන මාසෙට දමල පාරිබොගියට සහනයක් දෙනව. ජල මන්ඩලය වත් විඩුලිබල මන්ඩලයවත් මැති ඇමතින් එන්න තියෙන බිල ගනන් කිසිවක් සොයා බලන්නෙ නැහැ. එඋන් සියලුදෙනාගෙන් ම හොරකම් කරනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site