
(සුමිත් පොතුපිටිය)
ජල බිල වැඩිව තිබෙන බවට ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් අද උදැසන මනු සටහන් කියවන්නාට රෝහල් ගතවෙන්නට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පයාගල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුර පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.
පහරකෑ පුද්ගලයා කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ වතුර බිල වැඩිද?ඇයි ලයිට් බිල අඩුයිද ?එළවලු ?ගෑස් ?හාල්?ඒවා ලාභයිද ?මෝඩයෝ .බිල් මනුස්සයා නෙමෙයි ගණන් තීරණය කලේ.ඔහේ උඩ දාගෙන චන්දේ දීලා පත් කර ගත්තු හොරු.උන්ගේ පැවැත්මට..ගහනවා නම් උන්ට ගහන්න .මේ අසරණ මනුස්සයාට තඩි බාන්නේ නැතුව
ජල බිල් හා විදුලි බිල් නිවසට ගෙනවිත් දෙනවා නමුත් විදුලිය බිල් වල අය ක්‍රමය යෙදීමේදී නිවාස වර්ග කරන්නෙ කොහොමද අපි දන්නෙ නැහැ .ඒ ගැන දැන්වත් කරන්න අනෙක තමයි දුරකථන බිල් ඒවා ගෙදරට එවන්නෙ නැහැ ඇහුවම විවිධ ගණන් කියනවා බිල් හැදෙන්නේ කොහොමද අපි දන්නෙ නැහැ විස්තරයක් නැතුව බිල් අයකිරීම පාරිභෝගිකයන් ගසාකෑමක් කියලා කියන්න පුළුවන් ඒ ගැන TRC නැත්නම් විදුලි සංදේශ නියාමන කොමිසමේ අවධානයට යොමුවේවා කොහොම වුනත් දැන්නම් දුරකථන බිල් ගෙවීමට හැකියාව ඉතාමත් අඩුයි තවත් මාසයක් හමාරක් බලලා ඉවත්කර ගන්න කියන්න වෙනවා
මනු කියවන්නාට තඩි බාපන්. බිලෙ ගනන වඩිකරන්න අත උස්සපු දේශපාලුවාට වැදපන්. මනු කියවන්නා එම වෘතියෙ නියැලෙන්නෙ තමුන්වගේම ඔහු හෝ ඇයගෙ පවුල නඩත්තු කිරිමට බව තරයේ මතක තබාගන්න.
සමහර මනු කියවන්නොත් හරිම අසඩරන වඩ කරනව. මෙගෙ වසාදමා තියෙන නිවසකට යුනිට් 60 ක විදුලි බිලක් ලැබුන. එකේ සදහන් කරල තියෙන්නෙ අස්තමෙන්තු කල බවට. දෙවෙනි මාසෙදි යුනිට් 100ක් විදියට දමල. ගෙ අතුලටත් කිසිම විදුලියෙන් වැඩකරන උපකරනයක් නොමැති බව පෙන්නුවම උනිට් 100 ය 60 ට අඩුකල. මොනතරම් අසාදාරන නිලදාරියෙක්ඩද? එ වගෙම හොඳ නිලදාරීන ඉන්නව, එක් මසෙක උත්සවයක් වැනි දෙයක් නිසා බිල ඉහල ගියොත් එකෙන් කොටසක් ලබන මාසෙට දමල පාරිබොගියට සහනයක් දෙනව. ජල මන්ඩලය වත් විඩුලිබල මන්ඩලයවත් මැති ඇමතින් එන්න තියෙන බිල ගනන් කිසිවක් සොයා බලන්නෙ නැහැ. එඋන් සියලුදෙනාගෙන් ම හොරකම් කරනව.