IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බාල බෙහෙත් ලෙඩ්ඩුන්ට පොවලා

(සුජිත් හේවාජුලිගේ )

ජාතික ඖෂධ නියාමන අධිකාරියට  ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු ඖෂධ අතුරින් සාම්පල් සියයට අනූපහක්  2023 වර්ෂයේදී ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ.

සාම්පල් පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචි කිරීම හේතුවෙන් ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ රටට පැමිණීමේ අවදානමක් පවතින බව එම වාර්තාවේ දැක්වේ.

මේ අතර මේ පිළිබඳව තොරතුරු හෙළි වන විට ඖෂධ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රෝගීන් භාවිත කර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අධිකාරිය ඖෂධ ලියාපදිංචියේදී හිතත්වය පරීක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ තත්ත්ව ආරක්‍ෂණ පර්යේෂණාගාරයට සාම්පලයක් ඉදිරිපත් කළ යුතු බව සෞඛ්‍ය පනතේ 59(4) (ආ) වගන්තියේ පැහැදිලිව දැක්වෙන බව විගණන වාර්තාවේ දැක්වේ.

මේ අතර ව්‍යාපදිංචිය නිදහස් කිරීමේ ක්‍රියාවලිය භාවිතා කිරීමෙන් නැතිවන ගැටළු පිළිබඳව වර්ෂ ගණනාවක සිට විගණන කාර්යාලය නිර්දේශ ඉදිරිපත් කළද ඒ ගැන බලධාරීන් අවධානය යොමු කර නොතිබූ බව එහි සඳහන්වේ.

තවද ඖෂධ වල ගුණාත්මක තත්ත්වය ආරක්ෂාව සහ ප්‍රත්‍යක්ෂ භාවය තහවුරු කරන ලේඛන ඇගයීමෙන් හෝ වෙනත් ක්‍රමවේදයකින් තොරව ප්‍රධාන විධායක නිලධාරීගේ අනුමැතිය මත ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික 287ක් නිකුත් කර තිබූ බව වාර්තාව සඳහන් කරයි.

ලේඛනගත ඖෂධවල උපරිම සිල්ලර මිල ඉහළ දමන අවස්ථාවලදී අනෙකුත් ඖෂධ වල මිලද ඉහළ දැමීමට අවසර ලබාදී තිබුණද 2023 වර්ෂයේ දී කරන ලද ආසන්නතම මිල පහල දැමීමට සාපේක්ෂව  අනෙකුත් ඖෂධවල මිල පහත හෙලන ලෙස දැනුම් දීමට කටයුතු කර නොතිබූ බැවින් මහජනතාවට හිමිකර දිය හැකිව තිබූ මිල වාසිය ඖෂධ සමාගම් විට රඳවා ගැනීමට අවස්ථාව සලසා දී තිබූ බව
වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණන වාර්තාවේය.



අදහස් (0)

බාල බෙහෙත් ලෙඩ්ඩුන්ට පොවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site