IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


බාල බේත් ගෙන් වූ තිදෙනකුට රට යන්න තහනම්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ව්‍යජ ලේඛන මගින් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් සහ එලෙස ගෙන් වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදා හැරීමට සම්බන්ධ වූයේ යැයි කියන සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට රටින් පිටවීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විදේශ ගමන් තහනමක් පැන වූවාය.

මෙසේ විදේශ ගමන් තහනම් කරන ලද්දේ ඖෂධ නියිමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය  විජිත් ගුණසේකර  සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම්  අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, ඖෂධ ගෙන් වූ  බව කියන සමාගමේ නිලධාරියකු වන සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති යන තිදෙනාටය.

මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කිරීමට  පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය. 



අදහස් (10)

බාල බේත් ගෙන් වූ තිදෙනකුට රට යන්න තහනම්

sam Tuesday, 31 October 2023 11:53 AM

අනිවාර්යයෙන්ම අවජාතකයෝ .යකෝ තොපි සෙල්ලම් කරන්නේ මනුෂ්‍ය ජීවිතත් එක්ක නේද

:       0       0

සමන් - ඕමානය Tuesday, 31 October 2023 01:23 PM

වැරද්දක් කරලා තියනවා නම් ඔවුන්ට උපරිම දඬුවම් දිය යුතුයි, වන්දි අයකර ගැනීම සහිතව. අනිසි බලපෑම් වලින් තොරව පරීක්ෂණ කිරීමට බලධාරීන් ක්‍රියා කල යුතුයි. අන්තිමේදී සාක්කි මදි, පරස්පරයි කියා නඩුව අහක දාන්නට ඉඩක් නොමැතිව.

:       0       0

Nadeson-son Tuesday, 31 October 2023 02:06 PM

කළු ලේඛනගත ඖෂධ සමාගම්වලින් කල් ඉකුත් වූ ඖෂධ ආනයනය කිරීමට මූලිකත්වය දුන් ඇමැතිවරයා ගැන කවර කතාද? ඔහුට නිදැල්ලේ යාමට ඉඩ නොදිය යුතුය.

:       0       0

Nadadawa withanage sisira kumara Tuesday, 31 October 2023 02:56 PM

දොස්තර lath හොරු වෙලා

:       0       0

P.d goonawardena Tuesday, 31 October 2023 04:03 PM

අම්මේ... ඇඟ කිලිපොලායන ඇක්ෂන් එකක්නේ... සෞඛ්‍ය ඇමැති පව්...!

:       0       0

namal Tuesday, 31 October 2023 04:54 PM

බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා!! හෙණ පහළ වේවා! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...!! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල්වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි.

:       0       0

චන්දිම ෆොන්සේකා Tuesday, 31 October 2023 05:12 PM

මේ විදියටම සිද්ධ වෙච්චි වංචා මහා විශාල ගණනක් තියෙනවා. බෙහෙත් විතරක් නෙමෙයි, කොටින්ම කියනවා නම් සුදු ළූණු ගෙඩියේ ඉඳන් සීනි පොල්තෙල් කසල පොහොර, මහබැංකු, සුප්‍රීම් සැටලයිට්, රටින් ගෙන්වූ හොර හරක්, වගේ වංචා සියදහස් ගණනක් තියෙනවා. එකම එක හොරෙක්වත් හිරේ දානවා තියා මෙහෙමයි කියලා අල්ලලා වත් නැහැ. දැන් මුන්දැලා වේදිකාවල කියන්නේ ඕවා දැන් අමතක කරලා දාලා 2048 දී රට දියුණු කිරීමට සමගි වෙන්නලු... එකමුතු වෙන්නලු... නායකයාට සියලු සහයෝගය දෙන්නලු. එකමුතුව කෙසේවෙතත් කම්මුතුව වෙලා තියේවි මෙහෙම යනකොට...

:       0       0

Balu Sunakayo Tuesday, 31 October 2023 05:18 PM

අපි හැමදාම වලේ ඉන්නේ මේ වගේ අය හින්දයි...

:       0       0

Pradeep Kumara Tuesday, 31 October 2023 07:20 PM

ඔන්න ලෙඩ්ඩු මැරෙන හේතුව. මොවුන්ට දෙන්න ඕනෑ අරාබියේ දෙන දඬුවම්...!

:       0       0

PATTA hora Tuesday, 31 October 2023 07:23 PM

පැපොල් ගෙඩි තුනට 50,000 ක් වුණාට මෙයාලා නිකම්ම නිදහස් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 2 0

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විදි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 201 0

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 100 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 774 1

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2073 9

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 326 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 786 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2335 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2001 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site