(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවට ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වා ඒවා හොඳ තෙල් සමග මිශ්‍ර කොට පරිභෝජනයට යවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ ගැන කඩිනම් වාර්තාවක් අවශ්‍ය බව කී විපක්ෂ නායකවරයා අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට ගෙන්වා ඇති බවට තමා මීට පෙර පැවසූ බව කී සජිත් ප්‍රේමදාස මහතා බාල තෙල් හැටියට පරීක්ෂණ වාර්තා වලින් ඔප්පු වූ තෙල් වෙළෙඳ පොළට නිකුත් කර තිබෙන බව පැවසීය.
බාල තෙල් ගෙනා නැවට වූයේ කුමක්ද? ඒ පරීක්ෂණ වාර්තා වලට වුයේ කුමක්ද? අමාත්‍යාංශ සහ අදාල ආයතන මේ ගැන ගත් තීන්දුව කුමක්ද?එම තෙල් තිකුනාමලයට සහ කොලොන්නාවට යවා තිබෙනවා ද? යන ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍ය බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රල් වල නම් අවුලක් තියනවා තෙල් ගහනව වාෂ්ප වෙනවා