IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බල කණු ඇද වැටුණු පුත්තලම් පොර පිටිය

 ( එච්.චන්දන )

පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට නාම යෝජනා අහිමිවී ඇති බව දක්නට ලැබේ.

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව එයින් පාරාජය වු වර්ථමාන එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙවර අපේක්ෂකත්වයක් නොලැබී ඇත.

වෙන්නප්පුව හිටපු ආමත්‍යය පෙස්ටස් පෙරේරා මහතා ගේ පුත් සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතාට , හලාවත හිටපු ආමත්‍යය එස්.ඩි.ආර් ජයරත්න මහතාගේ පුත් හිටපු නියෝජ්‍ය කථානායකු හා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු කැබිනට් ඇමතිවරයෙකු වන ප්‍රියකංර ජයරත්න මහතාටද මෙවර කිසිදු පක්ෂයකින් නාම යෝජනා අවස්ථා නොලැබී ගොස් තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රියංකර ජයරත්න මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ අපේක්ෂයා දිනවීම සදහා පුත්තලම දිස්ත්‍රික්කයේ නායකත්වය ගෙන කටයුතු කළේය.

අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුව නියෝජනය දයාශ්‍රිත තිසේරා, ,ශාන්ත අබේසේකර,වික්ටර් ඇන්ටනි, හා ජනාධිපති වර්ණය අවස්ථාවේ සමගි ජන බලවේගය පක්ෂයට සහය ලබා දුන් වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයතු කල ආණමඩුව ආනන්ද සරත් කුමාර යන මහත්වරුන් මෙවර නාම යෝජනා කිසිදු පක්ෂයකින් හිමි වී නොමැති බව දක්නට ලැබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී පසුව පොදු ජන පෙරමුණ පක්ෂය සමග එක්ව දේශපාලණික කටයුතු වල නිරත වූ හිටපු කැබිනට් ඇමතිවරයෙකු වන දයාශ්‍රිත තිසේරා මහතාටද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නාම යෝජනා හිමිවී තිබුනේ නැත.දයාශ්‍රිත තිසේරා මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්ව තිබුණි.පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු සමගි ජන බලවේගය පක්ෂයේ අපේක්ෂකයාට සහාය දැක්වීම සදහා ඉදිරිපත් වී සිටියේය.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වු ශාන්ත අබේසේකර මහතා පාර්ලිමේන්තු මැතිවරණය සදහා නාම යෝජනා පත්‍ර බාර නොදුන්නද,ඔහුගේ පුත්‍රායා වන හලාවත නගර සභාවේ හිටපු සභාපතිවරයා වු තුෂාන් චතුරංග අබේසේකර මහතා සමගි ජන බල වේගයෙන් මෙවර පාර්ලිමේන්තු තරගයට ඉදිරිපත් වී සිටී.

පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කළ හලාවත වික්ටර් ඇන්ටනී බියන්වල මහතා ඉකුත් ජනාධිපතිවර්ණයේදී  සමගි ජනබලවේගය පක්ෂයේ අපේක්ෂකයා දිනවීම සදහා කටයුතු කළ බවක් දක්නට ලැබුණත් ඒ මහතාටද නාම යෝජනා හිමිවුයේ නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණමඩුව ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කල හිටපු වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී සමගි ජන බගලවේගය පක්ෂයේ අපේක්ෂකයා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ අයෙකි.ආනන්ද සරත් කුමාර මහතාට  නාම යෝජනා හිමිවී නොතිබිණි.

මේ අතර හිටපු රාජ්‍ය ඇමතිවරයකු හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණේ පුත්තලම් දිස්ත්‍රික් නායකයා වු රිය අනතුරකින් ජීවිත්කෂයට පත් සනත් නිශාන්ත පෙරේරා මහතාගේ බිරිද වු නිතිඥ චමරී ප්‍රියංකා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණේ පුත්තලම් දිස්ත්‍රික් කණ්ඩායම් නායිකාව ලෙස සිය නාම යෝජනා පත්‍ර භාර දෙන ලදී.



අදහස් (4)

බල කණු ඇද වැටුණු පුත්තලම් පොර පිටිය

lasa Sunday, 13 October 2024 02:18 PM

දැං ආයෙත් මේ රටේ බලකනු හෝ සිංහයෝ හෝ රට බේරාගන්න එන වීරයෝ නෑ. ආයේ එන්නේ නියම මහජන නියෝජිතයෝ. බාර් පර්මිට් වාහන බලපත් පොලිස් ආරක්ෂා නැති පෙන්ශන් නැති සාමාන්‍ය පූරවැසි නියෝජිතයෝ. පුත්තලමෙන් ආයෙත් බූරුවන් නොඑවන්න වගබලාගත යුතුයි...!

:       6       38

ආනන්ද සිසිර කුමාර Sunday, 13 October 2024 07:34 PM

තාරුණ්‍යයට, නව පරපුරට දේශපාලනයේ අවස්ථාව නෑ..නෑ..කියා හඬතලන මිනිස්සුම සාම්ප්‍රදායික පරණ මිනිස්සු පැත්තට වෙලා අලුත් අයට අවස්ථාව දෙන කොට (කැමැත්තෙන් හරි, අකැමැත්තෙන් හරි එහෙම නොකර බැරි නිසා හරි, කැපිලි නිසා හරි, වෙනත් හේතු නිසා හරි) අර තාරුණ්‍යයට අවස්ථාව නෑ කියන අයම ඒකත් ප්‍රශ්නයක් කර ගන්නවා. දේශපාලනය අලුත්වෙන එක ගැන සුබවාදීව හිතන්න බැරි ඇයි? මාළිමාව පාර හදලා තියෙනවා. ඒ පාරේ අනෙක් පක්ෂවල අයටත් ඉස්සරහට යන්න පුළුවන්. රට සහ ජනතාව හැමෝගෙම පොදු අරමුණ වේවා..!

:       1       10

Roshan Sunday, 13 October 2024 08:08 PM

එකෙක් ගුරුවරියක දණ ගස්සපු 8 පාස් නැති එකෙක්. තව එකෙක් වොඩ්කා වතුර කරපු එකෙක්. තව එකෙක් චන එන ආන්ඩුවට පැනලා තනතුරු අරන් රජ සැප විඳපු කෙනෙක්...!

:       0       21

කුමාර Monday, 14 October 2024 07:02 AM

රටට කිසිම ආදරයක් නැති පට්ට හොරු පාර්ලිමේන්තු යවලා ලොකු බලකණු කරේ මේ රටේ මිනිස්සුම තමයි. නැතුව ඔය කාලකන්නින්ගේ මොකක්ද තිබුණු ලොකු කම... දැන් ඒ කාලේ ඉවරයි. ඉස්සරහට එන්නේ නායකයෝ මිසක් පාලකයෝ නොවෙයි. ඒ මිනිස්සුන්ගේ දහඩිය සුවඳ දැනෙන මහපොළවේ පයගහලා ඉන්න අය...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site