IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


බෙල් 212 යානයේ සිටි ගුවන් හමුදා නිලධාරීන් බේරා ගැනේ

(ගයාන් සූරිය ආරච්චි,හිරාන් ප්‍රියංකර සහ එච්.චන්දන)

ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගය හෙලිකොප්ටර් යානයේ හදිසිය ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් වෙන්නප්පුව ප්‍රදේශයේ දී ගොඩ බෑමට යාමේදී සිදුවූ අනතුරකින් එහි සිටි ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කළ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්ද ගීගෙනගේ මහතා පැවසීය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  ලුණුවිල පාලම අසල අවතැන්ව සිටින ජනතාවට ආහාර බෙදීම සඳහා එම  හෙලිකොප්ටර්  යානය  ගොස් තිබූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එම හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමෙන් අනතුරුව ජලයට වැටී ඇති අතර අවට සිටි පිරිස් එක්ව ගුවන් නියමුවා ඇතුළු පස්දෙනකු මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ බෙල්  212 වර්ගය හෙලිකොප්ටර් යානයකි.

එම අවස්ථාවේ දී සිහි මුර්ජාවෙන් සිටි ගුවන් නියමුවකුට එහි සිටි පිරිස් ප්‍රථමාධාර ලබාදීමද සිදු කෙරුණු අතර  හෙලිකොප්ටරේ ගුවන් නියමුවා ඇතුළු පස්දෙනා කඩිනමින් මාරවිල රෝහලට ඇතුළත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එහි සිටි එක් ගුවන් නියමුවකු බරපතල තත්ත්වයෙන් පසුවන බවද  ආරංචි මාර්ග පැවසුවේ ය.

 



අදහස් (0)

බෙල් 212 යානයේ සිටි ගුවන් හමුදා නිලධාරීන් බේරා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1198 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site