









(රොමේෂ් මධුෂංඛ)
බූරවී සුලි කුණාටු තත්වය හේතුවෙන් උතුරු පලාතේ ප්‍රදේශ කිහිපයකට බලපෑම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට හා නිවාස කිහිපයකට අද (02) සවස හානි සිදුව ඇති අතර පුද්ගල අතුරුදන්වීමක්ද වාර්තා වී ඇති බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකය කියා සිටියි.
අතුරුදන් වී ඇත්තේ පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකි.
අධික සුලි සුලං තත්වයක් බලපා ඇති අතරම ධීවර යාත්‍රාවලටද හානි සිදුව ඇත.
උතුරු පලාතේ යාපනය , මුලතිව් , කිලිනොච්චිය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි ප්‍රදේශ කිහිපයක මෙලෙස සුලි සුලං හා වර්ෂාව හේතුවෙන් හාන් සිදුව ඇති බවට වාර්තා වී තිබේ.
කන්දපුරම් ප්‍රදේශයටද බලපෑ අධික සුලි සුලං තත්වයක් හේතුවෙන් ගස් කඩා වැටීම නිසා නිවාස රැසකට හානි සිදුව ඇති බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකය පෙන්වා දෙයි,
එමෙන්ම මුලතිව් දිස්ත්‍රීක්කයේද කෝකිලායි, තන්නිරුත්තු, මුල්ලියාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයකට අධික සුලං තත්වයක් ඇති වීම නිසාවෙන් නිවාස කිහිපයකට සුලු හානි සිදුව ඇති අතරම මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතුද අඩාල වී ඇති අතර යුද හමුදාව එක්ව වැටුනු ගස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් සිටිති.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බූරවී සුළි කුණාටුව විනාශය අරඹයි