(එච් එම් ධර්මපාල)
බොරලැස්ගමුව, කටුවාවල මාවත , නිවසකට ඇතුළු වී මෙහෙකාරියට උල්පිහි පෙන්වා මරණීය තර්ජන එල්ල කර නිවසේ තිබූ රුපියල් එක්කෝටි හත්ලක්ෂ හත්දාස් අටසියයක් වටිනා දේපල කොල්ලකා පලාගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
මෙම නිවසේ හිමිකරු වරාය අධිකාරිය සේවය කරන අතර , බිරිද බැංකු කළමණාකාරියක ලෙසත් සේවය කරමින් සිටින අතර නිවසේ වැඩට මෙහෙකාරියක්ද සිට ඇත .
කිසියම් අවශ්‍යතාවයකට මෙහෙකාරි නිවසින් පිටතට ගොස් නැවත පැමිණ පිටුපස දොර විවෘත කරනවාත් සමග එකවර කඩාපැන්න පුද්ගලයකු උල් පිහියක් එල්ලකර මරණීය තර්ජන එල්ල කර මෙම කොල්ලය සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd