
(ඉන්දිකා රාමනායක)
බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට දිවා කාලයයේ ඇතුලුවී නිවසේ තිබු විදේශ මුදල්මු හා දේපළ සොරා ගැනීමේ සිද්ධියේ සැකකරුවන් හදුනා ගැනීම සදහා පොලිස් මුලස්ථානය මහජන සහය පතයි.
මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් (12) දින දිවා කාලයේ මෙම නිවසට ඇතුලු වී සේවිකාව බිය ගන්වා එහි තිබු රුපියල් 10,707,800 ක් වටිනා දේශිය, විදේශිය මුදල්, රණ් භාණ්ඩ, සහිත කුඩා ප්‍රමාණයේ සේප්පුවක් කොල්ල කා පළා ගොස් ඇත.
ආරක්ෂක කැමරා මගින් හදුනාගෙන ඇති ඉහත ඡායාරූපයේ සිටින එම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් ස්ථානාධිපති බොරලැස්ගමුව 071-8591646, පොලිස් ස්ථානය බොරලැස්ගමුව 011-2150769 අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය මහජනයාගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් අත් අඩංගුවට පත්වෙලා එති.
එක්කෙනෙක් රෝහිත වගේ නේ ?