(අංජුල මහික වීරරත්න)
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වු කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථ වාහන ගමනාගමනයට අවහිරතාවයක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
ඒ හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
විකල්ප මාර්ග -
මොඩල්ෆාම් හන්දිය හරහා කොළඹට ඇතුළු වන වාහන මොඩල් ෆාම් හන්දියෙන් කනත්ත වටරවුම දෙසට ගමන් කර බේස්ලයින් මාර්ගයට පිවිසිය හැක.
රාජගිරිය දෙස සිට කොළඹට ඇතුළු වන වාහන ආයුර්වේද වටරවුමෙන් කොටා පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැක.
කොළඹ දෙස සිට මොඩල්ෆාම් හන්දිය හරහා ශ්‍රී ජවර්ධනපුර මාර්ගය දෙසට ගමන් ගන්නා වාහන ඩී.එස් සේනානායක හන්දියෙන් වමට හැරී බොරැල්ල හන්දිය හරහා කොටා පාර ඔස්සේ ශ්‍රී ජවර්ධනපුර මාර්ගයට පිවිසිය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බොරැල්ලේ පාරක ගිලා බැසීමක්