IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බිරියගේ අත කැපී යැයි සැමියා අත්අඩංගුවට

(  සිතුම් චතුරංග)

වෙනත් පුද්ගලයකු සමඟ සමීප සබඳතාවක් පවත්වන බව පවසමින් සිය බිරිඳගේ අත වෙන්වන ලෙස කපා දැමූ සැමියකු යාපනය , අලවෙඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලිසිය පවසයි.

සැකකාර සැමියාගේ එක් අතක් පසුගිය යුද සමයේ ශේල් වෙඩිල්ලක් වැදී ශෛල්‍යකර්මයකින් ඉවත්කොට සිටි ආබාධිත පුද්ගලයකු බවත් පොලිසිය සඳහන් කළේය.

එම සබඳතාව නතරකරන ලෙස සැමියා කළ  ඉල්ලීම නොතකා ඔවුන් නිරන්තරයෙන් හොර රහසේ කාමරයේ දොරවසා වීඩියෝ කොල් තාක්ෂණය ඔස්සේ කතාබහ කිරීම් සිදුකරන බවත් එය ඉවසාදාරා ගැනීමට නොහැකිව බිරිඳගේ අත කපාදැමූ බවට සැකකරු පාපොච්චාරණය කොට ඇති බවත් පොලිසිය පැවසීය.

එලෙස බරපතල කැපුම් තුවාල ලබා රෝහල් ගතකොට ඇති 41 හැවිරිදි දෙදෙරු මව තෙලිප්පලෙයි රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා  යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය‍.



අදහස් (1)

බිරියගේ අත කැපී යැයි සැමියා අත්අඩංගුවට

රම්බොඩ Thursday, 19 September 2024 01:39 PM

ඒ වගේ සම්බන්ධතා ඇති කරගත්තම ඒවා අත අරින්නෙත් නැත්නම් නීත්‍යානුකූලව වෙන් වුණා.නම් දෙන්නම සතුටින්. දරුවන් ගැන තමයි බලාගන්න ඕන. මේ වගේ මෝඩ වැඩ කරලා හිරේ ගියාම නිකම් අපරාදෙ.

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 669 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site