(රෝෂන් තුෂාර)

ඇමති ආරක්ෂක අංශයේ සේවය කරන සිය සැමියාගේ පාසැල් ප්‍රේමයේ නිරුවත් දර්ශන පැරණි පෙම්වතියගේ සැමියාට මුදා හරිමින් අන්තර්ජාලයට මුදා නොහැරීමට ලක්‍ෂ පනහක කප්පම් ඉල්ලුවේ යැයි කියන විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය ඇප මත මුදා හැරී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා පොලිස් කොස්තාපල් වරයාට ලබන 27 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට අද (24) නියෝග කළේය.

ඇප මත සිටින  පොලිස් කොස්තාපල්වරයා තමන්ට දුරකථනයෙන් තර්ජනය කළ බවට පැමිණිලිකාර පෙම්වතිය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙසේ නොතීසි නිකුත් කළේය.

අගතියට පත් පාසල් පෙම්වතිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව සැකකාර පොලිස්  යුවළ පසුගිය විසි එක්වෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැමියා ඇපමත මුදා හැර පොලිස් කොස්තාපල්වරිය ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදයංග මුණවීර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාරිය කිසිවිටක ලක්ෂ පණහක කප්පමක් ඉල්ලා නොමැති බවය.පැමිණිලිකාරිය විසින් එය අන්තර්ජාලයට මුදා නොහරීන ලෙසට ඉල්ලමින් එසේ කිරීමට ලක්ෂ පණහක් මුදලක් ලබා දෙන බවද සඳහන් කර ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.කෙසේ වෙතත් මෙය වසර විස්සකට වඩා පැරණි පාසල් ප්‍රේමයේ  අතුරු පලයක් බවද නීතිඥවරයා සඳහන් කර සිටි නීතිඥවරයා මෙම නිරුවත් දර්ශන මෙම පුද්ගලයින් සිව් දෙනා අතර පමණක් මේ වන විට සංසරණය වී ඇති බව සඳහන් කළේය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කප්පම් ඉල්ලීමක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් නොවන හෙයින් සැකකාරිය ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

එසේ නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව අගතියට පත් පැමිණිලිකාරිය අධිකරණයේ පෙනී සිටි අතර සිය පැරණි පෙම්වතා වූ පොලිස් කොස්තාපල්වරයා තමන්ට තර්ජනය කළ බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය.

එසේ තර්ජනය කළේ නම් පැමිණිල්ලක් ඉදිරිපත් නොකළේ මන්දයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

අගතියට පත් පාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර කොස්තාපල්වරයාට ලබන විසිහත්වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කළේය.