
( ටී.කේ.ජී.කපිල )
තම බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන , වෙනත් කාන්තාවක් ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කළ සැමියෙකු 10/31 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , ඔහුගේ පස් හැවිරිදි කුඩා පුතා සමග තම බිරිඳ ලෙස හැගවෙන පරිදි කන්කසන්තුරය ප්‍රදේශයේ 29 හැවිරිදි කාන්තාවක සමග ඉතාලිය වෙත පිටත්ව යාම සදහා 10/31 දින දහවල් 01.45 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9509 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
එහිදී මෙම පවුලේ ලියකියවිලි නිශ්කාශන කර ගැනීමට විගමන කවුළුව වෙත පැමිණි අවස්ථාවේ මොවුන් පිළිබඳව ඇති වූ සැකය මත , මොවුන් තිදෙනා දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා වන් වලදී සහ සිදු කළ මූලික විමර්ශන වලදී මෙම කුඩා දරුවා , මෙම පියාගේ වුද සැබැ බිරිය නොවන බවට හෙලිවී තිබේ.
මෙම පුද්ගලයා මීට සති කීපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ ඉතාලියේ සිටින සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය ද රැගෙන පැමිණ , එයට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන මුද්‍රාව , ව්‍යාජ ලෙස සකස් කර , එය තබා ගෙන තිබේ .
එම ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන මෙසේ වෙනත් කාන්තාවක් මොහු ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කර ඇති අතර , මීට පෙර අවස්ථාවකදී ද සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය මෙසේ යොදා ගෙන තවත් වෙනත් කාන්තාවක් ද ඉතාලිය වෙත රැගෙන ගොස් ඇති බව ද ආගමන විගමන නිලධාරීන් වැඩිදුරටත් අනාවරණය කර ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරිඳගේ නමින් ගුවන් බලපත්‍ර දෙකක් තිබුණා නම් ලංකාවේ නඩු වැටෙන්නේ නැති බව මේ පුද්ගලයා දන්නේ නැද්ද...? අනික අර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තිබුණ මන්ත්‍රී වරයාගේ බිරිඳ ඔය ෂෝක් එකට ඉන්නේ...?
ආගමන විගමන මුද්‍රාවට ඇතුලෙන් උදව්වක් ලැබුණාද කියලත් හොයන්න වෙයි. මොකද පහුගිය කාලේ මේ වගේ සිදුවීම් කීපයක් ම වාර්තා වුණු නිසා..!