(අංජුල මහික වීරරත්න)
බොර තෙල් නැව් තොග තුනක් මිලදී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s vitol asia pre.Ltd. සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
2024-1-15 දින සිට 2024-6-14 දක්වා කාලයේ බොරතෙල් මිලදී ගැනීමට මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.
එම කාලයේ බොරතෙල් නැව් තොග තුනක් 109%ක් ගබඩාගත ටැංකි වලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය යටතේ මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් පිරිනැමීම සඳහා ලංසු කැඳයා ඇති අතර ඒ සඳහා ලංසු දෙකක් ලැබී ඇත.
එකී ලංසු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මත අදාල සිංගප්පූරු සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අපිට තේරෙන්නේ නෑ. ණයටද ගන්නේ කියලා... එහෙම නම් අපිට ඕකෙන් හොඳක් වෙන්නේ නෑ...
අර මචන්ලාගේ කොම්පැණියද?