(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)
තමා මෙරටින් පිටුවහල් කොට තම මුලික අයිතිවාසිකම් කඩ කිරීම හේතූවෙන් වන්දි ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් නිශ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්‍ෂ 05ක නඩු ගාස්තුවකට ඇය යටත් කළාය.
පෙත්සම්කාර බි්‍රතාන්‍ය ජාතික කාන්තාව කරුණු වසන් කරමින් මෙම මුලික අයිතිවාසකම් පෙත්සම ගොනු කොට ඇතැයි සඳහන් කරමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීපතිවරයා ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.
බත්තරමුල්ල අකුරේගොඩ තාවකාලිකව පදිංචිව සිටින බි්‍රතාන්‍ය ජාතික කර්ලීන් ෆේසර් මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආගමන විගමන පාලකවරයා ඇතුථ පිරිසක් නම් කොට ඇත.
‘ගෝඨාගෝගම’ අරගල භූමියේ රැදී සිටියදී අත්අඩංගුවට ගනු ලැබු තමාගේ වීසා කාලය ඉකුත් වී ඇතැයි චෝදනා කරමින් තමා පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කොට ඇතැයි සඳහන් කරමින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බි්‍රතාන්‍ය ජාතික කාන්තාව ඉන් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීණ්දුවක් දෙන්නැයි ඉල්ලීමක්ද කළාය.
වගඋත්තරකාර ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ්‍යෂ්ඨ නීතීඥ කණීෂ්කා ද සිල්වා මෙනවිය මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් හේතූවෙන් මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වන්නේ නැතැයි සඳහන් කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම පෙත්සම්කාර බි්‍රතාන්‍ය ජාතික කාන්තාව මුලික අයිතිවාසිකම් පෙත්සම් කකිහිපයක්ම ඉදිරිපත් කොට ඒවා නිශ්ප්‍රභ වී ඇතැයි පෙන්වා දුන් රජයේ ජේ්‍යෂ්ඨ නීතීඥ කණීෂ්කා ද සිල්වා මෙනවිය පෙත්සම්කාරිය එම කරුණු අධිකරණයට දැනුම් දී නැති බවත් පෙන්වා දුන්නාය.
නීතීපතිවරයා වෙනුවෙන් මතුකළ මෙම විරෝධතාවය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය බි්‍රතාන්‍ය ජාතික කාන්තාවක් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කළ අතර රුපියල් ලක්‍ෂ 05ක නඩු ගාස්තුවක් ගෙවීමට ඇයට නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු විදෙශිකයන් වහාම පිටුවහල් කර යුතුය්. මෙය රටෙ බව්මික ආකන්ඩතාවය පවත්වා ගානීමට උදව් වේ!