
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන් බාගැනීමේ අරමුණින් මත්පැන් බලපත්‍ර අල්ලස් වශයෙන් ලබාදීම වහා නවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) රජයෙන් ඉල්ලීමක් කළේය.
මෘදු මත්පැන් බලපත්‍ර මෑත කාලයේදී විශාල වශයෙන් නිකුත් කර ඇති බවත් මෙය මතින් තොර ව්‍යාපෘතියට පටහැනි ක්‍රියාවක් බවත් ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලා පිටිය මහතා මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අවස්ථාවේදීය.
සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන ගම්මාන ඇතුළටත් මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බවත් නුසුදුසු තැන් වලට ලබා දී ඇති මෘදු මත්පැන් බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය.
එක්තරා ගමක මත්පැන් බලපත්‍ර හයක් දීල හයක් විවෘත කරල තියෙනවා. ඒ ගමේ හාමුදුරුවන් හොඳ කතාවක් කිව්වා. අපි ආණ්ඩුවෙන් ඉල්ලුවේ වතුර අපිට දුන්නේ මත්වතුර කියලා උන්වහන්සේ කිව්වා. මේක හද්ද පිටිසර ගමක්. කියන්න ලැජ්ජයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිපත්තියක්, නිවැරැදි දැක්මක් හෝ වැඩපිළිවෙළක් නැති අවස්ථාවාදී රංචුවක් තමයි ස.ජ.බේ. නායකයාගේ සිට පහළටම ඉන්නේ. ඒ නිසා බාර් ලයිසන් එකකට නොවෙයි, අරක්කු බෝතලයකට වුණත් ඔවුන්ව බා ගන්න පුළුවන්... !
උන් දෙනවා, මුන් ගන්නවා !!! උනුත් එකයි, මුනුත් එකයි කියන්නේ නිකන්ද?
මේ කියන්නේ අපටවත් දෙන උන්ටවත් නොවෙයි. මේවා අරගෙන තමන්ඟළ ඉඳලා රනිල්ගේ පිලට පනින්න හදන අයට, ඒක මෙයාට මහ හිසරදයක් බයේ ඉන්නේ... මෙයා ගත්තම බාර් වහනවද? බාර් ඇරියා කියලා අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ.. මොකද හැම තැනම බාර්, ඉන්න බාර් කාරයෝ වෙනුවෙන්ද කියලාත් හිතෙනවා මේ කතාකරන්නේ...!
බොරුවට ඉස්කෝලවලයි, වැසිකිලිවලයි ..බෙරිහන් දෙන සජිත් පුතාණෝ " විවාදයට "බයේ හැන්ගුනේ නැද්ද? ඔයාට අපේ ඡන්ද නැහැ!!! ඊයේ අපි ඔක්කෝම තීරණය කළා මාලිමාවට ඡන්දය දෙන්න.
හොර ජාවාරම් කාරයින්ගේ සල්ලි අරගෙන බස් දුන්නා... ස්මාර්ට් පන්ති කාමර හැදුවා, හාල් දුන්නා.. ඒවාට හුවමාරුවට සජිත් පොරොන්දුවෙලා තියෙනවා.. ඔවුන්ට බාර් ලයිසන් දෙන්න. හැබැයි ඉතින් ඒවා කරන්න මිනිහා ජනාධිපති වෙන්න එපායැ. ඒක නිකම්ම දවල් හීනයක් විතරයි.
ඊයේ හැංගුනේ මොකෝ?