(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
වර්ග 25 ක් යටතේ මෙම මත්පැන් බලපත්‍ර ලබාදී ඇතැයි පැවසූ සියඹලාපිටිය මහතා මෘදු මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 538 ක් මෑත භාගයේ නිකුත් කෙරුණු බවද සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ අතර ස්ටිකරය සැක සහිත මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය කාලයේදී අත්අඩංගුවට ගත් බවත් ඒ අතරේ හොර ස්ටිකර් සහිත මිලි ලීටර් 180 බෝතල් ( කාලේ බෝතල්) 43776 ක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම නීති විරෝධී ක්‍රියාව වෙනුවෙන් කෝටි පහකට වැඩි දඩ මුදලක් නියම කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
රජය මත්පැන් ප්‍රවර්ධනය නොකරන බවත් සියයට 75 ක බදු අය කරන්නේ ඒ නිසා බවත් සියඹලාපිටිය මහතා කීවේය.
මේ අතර මත්පැන් බලපත්‍ර සංචාරක කලාපවලට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
2025 ඔක්තෝබර් මස 08
1585
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බාර් ලයිෂන් ලයිස්තුව මැතිසබයට
පුරවැසියෙක්.... Thursday, 07 September 2023 01:06 PM
බාර් ලයිෂන් කරුවන්ගේ නාම ලේඛනය ඉදිරිපත් කළ හැකිද...?
Bamunuarachchi Friday, 08 September 2023 09:46 AM
තමන්ගේ නම දාන්න භය පුරවැසියා බාර් ලයිසන් කාරයින්ගේ නම් ඉල්ලනවා. මේවා ලංකා විහිළු.
Mh Mohan Thursday, 07 September 2023 04:06 PM
ඕවායින් වෙන්නේ අපේ මිනිස්සු බොන්න ඇබ්බැහි වෙන එක විතරයි. එන සමාජ සහ සෞඛ්‍ය ප්‍රශ්න කොහොමද? හොඳම දේ බාර් ලයිසන් තහනම් කරලා සංචාරකයින්ට පමණක් දෙන එක...