
රංජන් කස්තුරි
නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 5,575ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මුලතිව් පොලිස් විශේෂ කා ර් ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් වල අලවා තිබූ ආරක්ශිත ස්ටිකර් ව්‍යාජ ඒවා බව එහිදී නිරීකෂණය වූ බවද පොලිසිය සදහන් කරයි.
පසුගිය ජුනි 28 වැනිදාද මාලඹේ සුදර්ශනරාම මාවතේදී බස්නාහිර පළාත උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් වැටලීමක් කර නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd