
(සුජිත් හේවාජුලිගේ)
ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ අවට කලාපවල සරුංගල් යැවීමෙන් වළකින්නැයි, ගුවන් හමුදාව එම ප්‍රදේශ අවට පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සරුංගල් යැවීමෙන්, ගුවන් යානා පියාසර කිරීමේ කටයුතුවලට සෘජු බාධාවක් බවශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය
කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල යන ප්‍රදේශවල පිහිටි ගුවන් ධාවන පථ අවට බහුලව සරුංගල් යැවීම මේ වන විට අධි අවදානම් තත්ත්වයක් වී ඇතැයි එහි සඳහන් වේ .
ගුවන් යානයක එන්ජිමකට හෝ එහි ක්‍රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් හෝ සරුංගල් කොටස් ඇතුළු වීමෙන් සමස්ත ගුවන් යානයම දරුණු අනතුරකට ලක්වීමේ සෘජු අවදානමක් පවතින බව ගුවන් හමුදාව පෙන්වා දෙයි.
මෙමගින් විශාල ජීවිත හා දේපල හානියක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බැවින්, ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සහ මගී ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කරන ලෙස ඉල්ලාසිටී
මේ අතර, රත්මලාන ගුවන් තොටුපළෙන් පුහුණු වීම් සඳහා ගුවන්ගත වූ Y-12 වර්ගයේ ගුවන් යානයක් සරුංගල් නූල් හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd