
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, ළමා ආරක්ෂාව, ශාරීරික දණ්ඩන හා නීතිමය පසුබිම සහ ධනාත්මක ශික්ෂණයේ වැදගත්කම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත්, ඒ අනුව විෂයමාලා රාමුවට අදාළව පෙර පාසල් ගුරු අත්පොතක් සහ ආදර්ශ ක්‍රියාකාරකම් පොතක් අගෝස්තු මාසයේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එලි දැක්වීමටත් නියමිත බව මෙහිදී අනාවරණය විය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට මැති ඇමතිවරු රැසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd