
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ‍්‍රී ලංකාව වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙරටට පළමුව පැමිණි එන්.වයි.කේ නෞකාවේ වාහන 197 ක් මෙරටට ගෙන්වා ඇත්තේ ව්‍යාජ නිෂ්පාදිත දිනයක් පෙන්වමින් යැයි රේගු අංශය පවසයි.
ඒ පිළිබඳව ආරම්භ කළ රේගු විමර්ශනය තවමත් අවසන්වී නොමැති බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.
එම වාහන 2022 වසරට අයත් බවත් මෙරට වාහන ආනයනකරුවන් සීමිත පිරිසක් සහ ජපානයේ එක් අපනයකරුවකු එකතු වී මෙම වංචාව සිදුකර ඇති බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය. මතභේදයට තුඩුදී ඇති වාහන 197 මෙරටට ඒවා ඇත්තේ ජපාන අපනයන සමාගමක් වන එන්.වයි.කේ බවත් මෙරට සීමිත ආනයනකරුවන් පිරිසක් වෙනුවෙන් එම වාහන තොගය මෙරටට ඒවා ඇති බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.
වංචාව සිදුකළ ජපාන වාහන අපනයනකරුවා, මෙරට වාහන ආනයනය කිරීමේ රෙගුලාසිවලට අනුව නිෂ්පාදන සමාගමෙන් මෙරටට එවූ වාහනවල නිෂ්පාදන දිනය පිළිබඳව සහතිකයක් ලබා නොගෙන වාහන එවීමට පෙර අපනයන පරීක්ෂණ සහතික ලබාගත් කාර්යාංශයට විශේෂ පෙළඹවීමක් කර නිෂ්පාදන දිනය පිළිබඳව සහතිකයක් ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය.
මෙතෙක් කල් වාහන ආනයනය කරනු ලැබුවේ වාහනය ලියාපදිංචි කළ වසරේ සිට අවුරුදු 3 ක කාලයක් දක්වා වුවත් පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ලිහිල් කරමින් නිකුත් කළ ගැසට් පත‍්‍රයේ ලියාපදිංචි කළ වසර නිෂ්පාදිත දිනය ලෙස වෙනස් කර තිබෙන බවත් එවිට නිෂ්පාදිත දිනය නොදන්නේ නම් මෙරටට ආනයනය කරන වාහනවල නිෂ්පාදිත දිනය ලෙස සැළකෙන්නේ ජනවාරි මාසයේ 14 වැනිදා බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය. එවිට නව රෙගුලාසිවලට අනුව 2022 වසරේ නිෂ්පාදනය කළ වාහනයක නිෂ්පාදිත දිනය නොදන්නේ නම් එම වාහනය මෙරටට නීත්‍යානුකූලව ගෙන්විය නොහැකි බවද ආරංචි මාර්ග පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර ෆේස්බුක් වලයි, හැමතැනමයි පාරම්බෑවත් ඔන්න ඕක තමයි සිංහල එවුන්ගේ විශිෂ්ටත්වය. ඕක ඇරෙන කම්, මොකා බලයට ගෙනාවත් වැඩක් නැහැ.
විහිළුවක් නොවේ වසර 5-6 පමණ පැරැණි විට්ස් එකක් ලංකාවට එනකොට කෝස්ට් වන්නේ ලක්ෂ 6-8 අතර මුදලක්, එකට එකක් බදු ගහලා කිසිම ප්‍රශ්නයක් නැතුව ලක්ෂ 12-15 අතර මුදලකට පාරිභෝගිකයාට දෙන්න පුළුවන්..., එක එක නීති දමමින් වාහනයක වටිනාකමට වැඩිය 3-4 ගුණයක් ගෙවලා, පුරවැසි අපට වාහන ගන්න සිදුවීම අසාධාරණයක්, රටේ පොදු ප්‍රවාහන සේවයත් ඉතා ප්‍රාථමික තත්වයේ පවතින්නේ..., ආණ්ඩුව අපට කිසිම ඔප්ෂන් එකක් දෙන්නේ නැහැ.. ඉදිරි මැතිවරණ වලදී මාලිමාවට නැවත ඡන්දේ දෙනවාද කියලා සිතලා බලන්න වෙනවා..
හොරුන්ට අසුබ කාලයක්
මං දන්න ටුවරිසම් කරන අය, ජපානේ ජීවත්වෙන අය කියනවා ජපන් ජාතිකයින් පොදුවේ ගත්තාම හැමෝම වගේ හරිම අවංකයි කියලා. හැබැයි වංකකම, වංචාව මම හිතන්නේ බෝවෙනවා...
පොඩ්ඩක් හොයලා බලන්න ඔය ආනයනයකරුවන් අතර රාජපක්ෂලා වික්‍රමසිංහලා සිරිසේනලා ප්‍රේමදාසලාට ගෑවුණූ අය ඉන්නවාද කියලා !
රේගුවේ මේ ලොකු ලොක්කන් සියලු දෙනාම කන්ටේනර් 332ක් මුදා හැරීමේදී නිහඬව සිටියහ. ඒ අතර එහි ඇතුළත තිබුණේ කුමක්දැයි කිසිවෙකු දන්නේ නැත. ඉතින්, මෙම පාලනයේ කාලකණ්ණි ආධාරකරුවන් නිහඬ පිළිවෙත අනුගමනය කළහ. විපක්ෂ නායකවරයා පවා එය කළේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු විසින් බව පිළිකුල් සහගත වූ අතර කිසිදු වචනයක් කතා කළේ නැත. රාජපක්ෂ සහ රනිල් නොමැතිව මෙම පාලනයේ කිසිවෙකුට පැවැත්මක් නැත...
අපට ඉතින් මේවා බලන්න හිතෙන නිවුස් නොවෙයි... දුක හිතෙන නිවුස්, ලක්ෂ 20ක් අතේ තියන් ත්‍රී වීල් එකක් ගන්න හිත හදාගන්න එක තමයි අමාරු...!
මොනවහරි කරලා ඔය එන වාහන අවම කෝටියෙන් උඩට යවපල්ලා.. ධනය ඇත අයට (ධනපතියන්ට) වෛර කරන ආණ්ඩුවක් හැටියට එහෙම නොකර බෑනේ.. ධනපතියන් (රෝද 4ක් ඇති) අය භංග වේවා..!
ඩෝබිලා සෙට් එකම කරලියට බැහැලා, යෝග ඩෝබි විතරයි අඩු...! එතකොට කලින් ආණ්ඩුව වගේ වාහන ගෙන්නලා නවත්තලාම තිබ්බා නම් හරි නේ...!
මට නම් මේ ප්‍රවෘත්තිය දැක්කාම මහම මහ කාලකණ්නි හැඟීමක් ආවේ. අවුරුදු 5කට පස්සේ රටට ආපු මුල්ම වාහන තොගයෙනුත් කට්ටියක් ජිල්මාට් දාලා. මේක ගොඩ ගන්න පුළුවන් රටක් නොවේ. කොටින්ම මේ රටේ හුස්ම ගන්න වාතයෙත් හොරකම, වංචාව, ඩීල් කියන දේවල් පිරිලා තියෙන්නේ...