IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බොර තෙල් මිල යළි පහලට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඩොලරය ශක්තිමත් වීමත් සමග ලෝක බොරතෙල් වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල නැවත වරක් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර් තා කළේය.ඉකුත් සැසියේදී ඇමෙරිකානු ඩොලර් 3 කින් පමණ ඉහළ ගිය බොරතෙල් බැරලය අද(29) නැවත වරක් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අද(29) ශ්‍රී ලංකා වේලාවෙන් 12.51 කට ඇමෙරිකානු ඩොලර් 81.24 ලෙස සටහන් වූ අතර එය පෙර සැසියට සාපේක්ෂව සත 91 ක මිල අඩුවීමක් බවත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 88.31 ලෙස සටහන් වූ අතර එය පෙර සැසියට සාපේක්ෂව ඩොලර් 1.01 ක මිල අඩු වීමක් බවත් වෙළඳපොල වාර් තා පෙන්නුම් කළේය.

මාස නවයකින් වාර් තා වූ බොරතෙල් බැරලයක අඩුම මිල මේ සතියේ වාර් තා වූ අතර ඩොලරයේ අගය පහත වැටීම හේතුවෙන් ඩොලර් තුනකින් පමණ බොරතෙල් බැරලයක මිල  නැවත වරක් ඉහළ ගියේය.නමුත් නැවත වරක් ඩොලරය ශක්තිමත් වී ඉල්ලුම අඩු වීම හේතුවෙන් මෙසේ බොරතෙල් බැරලයක මිල නැවත වරක් පහළ ගිය බව වෙළඳපොල දත්ත වාර් තා පෙන්නුම් කරයි.



අදහස් (1)

බොර තෙල් මිල යළි පහලට

fairoos Thursday, 29 September 2022 05:24 PM

ලංකාවට නම් ඒක බලපාන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site