IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බොරු කියන වෙබ් අඩවි නියාමනයකට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අසත්‍ය පුවත් පළ කරන වෙබ් අඩවි යම් නියාමනයකට ලක් කරන්න බලාපොරොත්තු වෙන බව කළුතර  දිස්ත්‍රික් මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනමාධ්‍ය ප්‍රශස්ත මට්ටමට රැගෙන ඒමට ආණ්ඩුවට වගකීමක් තිබෙනවා.ජනමාධ්‍යවේදීන් වෘත්තිය කරගෙන යා යුතු සීමා ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා.මාධ්‍යවේදින් එහි දිග පළල සීමාවන් දැනගත යුතුයි.දණ්ඩ නීති සංග්‍රහයෙන් අසභ්‍ය ප්‍රකාශන කරන්න බැරි බව කියා තිබුණත් එහෙම වන්නේ නැහැ.ඇතැම් අවස්ථාවල වෛරය උසිගන්වන පුවත් මාධ්‍යවල ප්‍රචාරය කරනවා.මේවා යම් නියාමනයකට ලක්විය යුතු බවට ආණ්ඩුවේ අවධානය යොමු වී තියෙනවා යැයි මන්ත්‍රීවරිය කීවාය.



අදහස් (17)

බොරු කියන වෙබ් අඩවි නියාමනයකට

ආච්චි Thursday, 06 March 2025 04:05 PM

බොරු කියන්න ලයිසන් දුන්න මන්තිරි නෝනෙක් උන්නා, කොහෙ ගියාද මන්දා එයා? නේද නිලන්ති?

:       8       78

රම්බොඩ Thursday, 06 March 2025 04:11 PM

එතකොට උගණ්ඩාවෙ හංගපු සල්ලි කවද්ද ගේන්නෙ ?ඒවා පරම සත්‍යද ?

:       9       81

Ariyathilaka Thursday, 06 March 2025 04:11 PM

මොලේ පෑදී ගෙන එනව වගේ; ඇය පසු ගිය දිනක කිව්වා ඕනෑම බොරුවක් වුවත් එය ඇත්තක් කියා කීමටටත් ඕනැ ම ඇත්තක් වුවත් එය බොරුවක් කියා කීමටත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතයැයි ඇය කීවා. එය වැරදි බව තේරුම් ගියා ද නැත්නම් තමන්ගේ දේශපාලනයට අවාසි බැවින් ඒ පිළිබඳව ක්‍රියා කිරීමට උත්සාහ වෙනවාද යන්න තේරුම් ගැනීමට කාලයට බාර දිය යුතු ය.

:       7       65

මැක්ස් Thursday, 06 March 2025 04:27 PM

හපොයි දෙයියනේ, මේ මොන දයිවයේ සරදමක්ද? මේ නෝනාටම මෙහෙම යෝජනාවක් මැති සබේට ගෙනෙන්නට වීම! කොහොම වුණත්, බොරු කියන මැති ඇමැතිවරුන්ට එරෙහිව කටයුතු කළහැකි නියාමනයන් නම් ගෙනෙන්න එපා. ඔබතුමිගේ නායක සහෝදරයා පටන් සමස්ත මාලිමා ආණ්ඩුවම ගස් යන වැඩක් එහෙම වුනොත්...! පච මෝල් 159ක්නේ රට කරන්නේ දැන්...!

:       2       45

යෝගා Thursday, 06 March 2025 04:27 PM

අන්තිම පහත් තත්ත්වයේ කටක්. මාලිමාවේ වෙන වැදගත් මන්ත්‍රීලා නැද්ද ඔය යෝජනාව කරන්න.

:       2       42

sam Thursday, 06 March 2025 04:33 PM

බොරු කීමට අයිතිය තියනවද?

:       4       39

උපුල් Thursday, 06 March 2025 04:40 PM

දැන් ඕනෑම බොරුවක්, ඇත්තක් විදියට කියන්න තියන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසියිද?

:       4       45

pj Thursday, 06 March 2025 04:42 PM

තේරුම්ගන්න... මේ නොකියා කියන්නේ ඉදිරියට ගෙනයන පාලන ක්‍රමයේ හැඩතල... ඒ අය මොනවා කළත් අනෙක් අයට සෙල්ලම් බැහැ කියන පණිවඩයයි මේ... ප්‍රජාතන්ත්‍රවාදයේ අනිත් පැත්ත...

:       7       44

Kazi Shajahan Thursday, 06 March 2025 04:50 PM

එහෙම නම් ඔයාලා ඡන්දයට කළින් කියපු බොරුවලට කොහොම දඬුවම් දෙන්න ඕනෙද? එක පෑන් පාරෙන් හාල්, ඉන්ධන, වැට් අඩු කරනවා කිව්වා. සැලරි ගන්නේ නැහැ කිව්වා. පාර්ලිමේන්තුවට කෑම ඔතාගෙන එනවා කිව්වා. නිවාස ඕනෙ නැහැ කිව්වා. අනේ කියපු පට්ට පල් බොරු...

:       5       44

ඉන්දික Thursday, 06 March 2025 05:02 PM

බොරු කියන්න අයිතියක් තියෙනවා කියලා කියපු කෙනාම නේද මේ. ඔයාලත් කියපු බොරු තාම රටේ රැව්දෙනවා. ඔයාලා කියපු බොරු තමයි ඔය ජනමාධ්‍ය ප්‍රචාරය කලේත්. දැන් ඉතින් කෑවෝ කෑවෝ කියලා කෑගහන්න එපා. කරපුවා ප්‍රතිඵල තමයි පස්සෙන් එන්නේ...

:       2       37

Sara Thursday, 06 March 2025 05:28 PM

ඒක ඇත්ත, බොරුව කියන්නේ මහා නරක දෙයක්...

:       1       29

බකල ජයා Thursday, 06 March 2025 06:13 PM

බොරු කියන වෙබ් සයිට් විතරක් තහනම් කරන එක හොඳයි. නැත්නම් මට විතරක් නෙමේ කට වහගෙන ඉන්න වෙන්නේ...!

:       0       27

Nandana Thursday, 06 March 2025 06:37 PM

බොරු හිලක්නේ මේ...!

:       0       32

ජිල්බු Thursday, 06 March 2025 06:49 PM

අයියෝ බොරු එකක්ද? මම මේ වහන්න කියලා එන ගමන්...

:       0       2

Toni Thursday, 06 March 2025 11:34 PM

මේක නම් හොඳද හරිම අමාරුයි. කෝ මේ doobila??? සෙනවිරත්න, රට වලට, pairoos,, රවින්ද අරවගොඩ, බද්‍රානි.... ඔයාලා කොහෙද??? ඉක්මනට එන්නකෝ .ලොකු ජරා ගොඩක් තියෙනවා.

:       0       3

Kamal Friday, 07 March 2025 08:30 AM

කටවල් දෙකක් නෙවේ, ගොඩක් තියෙන පාටයි. මාළිමාවටම ගැලපෙනවා

:       0       1

Jayasekara Friday, 07 March 2025 09:39 AM

බොරු නිව්ස් වපුරන YouTube කාරයෝ ටික අල්ලන්න...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site