IMG-LOGO

බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ එම කන්ටේනර් අංගනයේ කම්කරු සේවකයකු ලෙස රැකියාව කරන කොළොන්නාව පුවක්ගහ වත්ත පාර පදිංචිව සිටි රංජිත් පෙරේරා නැමති   65 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් බර එසවීමේ යන්ත්‍රයේ රියදුරු වන අලව්ව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

අනතුර සිදුවූ කන්ටේනර් අංගනයේ එම ප්‍රදේශය අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බවත් සියලු සේවකයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබියදී මිය ගිය සේවකයා අංගනය තුළ  වර්ෂාවක් සමග ඇතිව තිබූ වතුර සහිත ස්ථානයක් මගහැර යාම සඳහා බර ඔසවන යන්ත්‍රය අසලින් ගමන් කිරීමේදී එහි පිටුපස රෝදයට යටවී මෙම හදිසි අනතුර සිදුව ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වීඇත.



අදහස් (0)

බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 574 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site