IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බයිලා ගායක සමන් හෝටලයට 25,000ක් ගෙවයි

(සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම් සහ බිමල් ශාමන්)

පානදුර හෝටලයක ඊයේ (01) රාත්‍රි  ආහාර පාන ලබාගෙන එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත චෝදනා එල්ලවී සිටී ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන්  රුපියල් 25,000 ක මුදලක් ලබාදී සිද්ධිය සමතයකට පත්කර ගැනිමට අද දහවල් එකගවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .

එම මුදල් ලබාගැනීම සදහා  පැමිණිලි පාර්ශවය එකගත්වය පලකර පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්බවද පොලිසිය කීය.

පැමිණිලි පාර්ශවය මුදල් ලබාගැනීමෙන් පසු පැමිණිල්ල  තවදුරටත් විභාග කිරීමට අවශ්‍ය නොවන බව දැනුම් දීමෙන් පසු දෙපාර්ශවයට අවවාද කර පිටත්කර යැවූ බවද උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

අද පෙවරුවේ දෙපාර්ශවය පානදුර දකුණ පොලිසියට කැදවා තිබුණි.

සිද්දිය සම්බන්දයෙන් ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා අදහස් දක්වමින් සදහන් කලේ. එය මාධ්‍ය  මගින් ඉස්මතු කල පරිදිවූ  සිදුවීමක් නොවන බවත් රුපියල් 25,000 ක් ලබාදී දෙපාර්ශවය සමතයකට පත්වූ බවත්ය.

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ,සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරන ලදී.



අදහස් (10)

බයිලා ගායක සමන් හෝටලයට 25,000ක් ගෙවයි

පිටිගල මිලානෝ Monday, 03 July 2023 02:23 PM

කාපු රොටී ටිකට හිලව් වෙන්න රෑවෙනකල් බයිලා ගහන්න කිව්වා නම් මේ කරදර මොකුත් නැහැනේ. කලාකාරයින්ටත් මේ දවස්වල අමාරු ඇති...!

:       0       0

Rata Perata Monday, 03 July 2023 02:23 PM

දැන් අලුත්ම බයිලත් කියන්න අරගෙන වගේ...

:       0       0

de silva Monday, 03 July 2023 02:27 PM

අර බටහිර රැප් ගායකයින් කටයුතු කරන ආකාරයට කටයුතු කරන්න අපේ බයිලා ගායකයෝත් ටිකෙන් ටික හැඩගැහෙනවා... මේ සිද්ධියට වියදම් වුණේ රුපියල් 25000ක් පමණි. නමුත් අලුත් ගායක තරු අතරේ ටිකෙන් ටික අමතක වෙමින් පැවැති සමන් ද සිල්වාට, ලැබෙන ආර්ථික වාසිය කොපමණද?

:       0       0

Shantha - Qatar Monday, 03 July 2023 02:33 PM

එයත් බයිල ගහන්න යන එකක් නැහැ ලජ්ජාවක් තියනවනම්

:       0       0

පැරකුම් Monday, 03 July 2023 02:50 PM

එය මාධ්‍ය මගින් ඉස්මතු කල පරිදිවූ සිදුවීමක් නොවේනම් සත්‍ය සිද්ධිය කුමක්දැයි පැවසිය යුතුය.

:       0       0

sunil Monday, 03 July 2023 03:09 PM

කෙනෙකුගේ නැහැදිච්ච්කම මුදල් වලින් වසා ගත හැකි දෙයක් නොවේ.

:       0       0

sakalabujan Monday, 03 July 2023 03:16 PM

ජනප්‍රිය පුද්ගලයෙක් නම් අනිත් අයටත් වැඩ කාරුණිකව හා විනීතව හැසිරෙන්න දැනගත යුතුයි. තමන් වසර ගණනාවක් තිස්සේ උපයාගත් කිර්තී නාමය නැතිවෙන්න මෙවැනි එක සිදුවීමක් ඇති...

:       0       0

Nimal Monday, 03 July 2023 03:46 PM

මේ විනයක් නැති අයව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ යුතුයි.

:       0       0

මැක්ස් Monday, 03 July 2023 05:37 PM

වැඩේ පත්තුවෙලා තමන්ගේ රෙදි ගැලවුණාට පස්සේ "මාධ්‍යයෙන් තමයි මේවා මවා පාන්නේ" කියලා හෙළුව වහගන්න බලන්නේ දේශපාලයකයින් විතරක් නොවෙයි.

:       0       0

Ajith Monday, 03 July 2023 07:27 PM

රෑ දොලහට නින්ද නැතුව නෝනා මට අත වනනවා, මම නෝනාට බෑ කියනවා. නාලන්දා විද්‍යාලයේ, ඉගෙන ගත්ත ඉස්කෝලේ, ගොස් කිව්වොත් මගේ තාලේ, දමාවි රන් මුතුමාලේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site