ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සූදානම් වෙයි. ඒ, දූෂිත විදෙස් ගනුදෙනු සම්බන්ධයෙන්, බයිඩන්ට චෝදනා වීමත් සමඟය.
ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනට් මණ්ඩලයකින් සමන්විතය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය සතුව නොව, ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය සතුවය. දූෂිත විදෙස් ගනුදෙනු සම්බන්ධයෙන්, බයිඩන්ට චෝදනා නගා ඇත්තේ ද රිපබ්ලිකන්වරුන්ය.
දෝෂාභියෝගයකට අදාල විමර්ශනයක් පැවැත්වීමේ අරමුණින්, ඒ සම්බන්ධයෙන් යෝජනාවක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. එම යෝජනාවට පක්ෂව, 221 දෙනකු ඡන්දය ලබා දුන් අතර විරෝධය පළ කළේ 212 ක් පමණි. ඒ අනුව, දෝෂාභියෝගයකට අදාල විමර්ශනයක් පැවැත්වෙයි.
තමන්ට එල්ල වන මෙම දූෂණ චෝදනා ඇමෙරිකන් ජනාධිපති බයිඩන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරණය 2024 දී පැවැත්වෙයි. බයිඩන් ද ඊට ඉදිරිපත් වීමට නියමිතය.
(ඒ.එෆ්.පී.)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
බයිඩන්ට එරෙහි දෝෂාභියෝගයක් ?