IMG-LOGO

බයිඩන් වැඩිපුර ‘‘අයිස්‘‘ ගහල

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ වසර 4 ක ධුර කාලයෙන් දින 532 ක් සාමාන්‍ය නිවාඩු දින ලෙස ලබා ගෙන ඇති බවත් එය ඇමෙරිකානු සාමාන්‍ය කාර්යාල සේවකයකු වසර 48 කදී ලබා ගන්නා සාමාන්‍ය නිවාඩු දින ගණනට සමාන බවත් රිපබිලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයකදී හෙළිවී ඇතැයි නිව් යෝර්ක් පොස්ට් පුවත්පත වාර්තා කළේය.

ඇමෙරිකාවේ කාර්යාල සේවකයකුට වසරකට ලැබෙන්නේ සාමාන්‍ය නිවාඩු දින 11 ක් බවත් ඒ අනුව ඇමෙරිකානු කාර්යාල සේවකයකුට වසර 50 ක කාලයක් සඳහා ලැබෙන සාමාන්‍ය නිවාඩු දින ගණන ජනාධිපති බයිඩන් වසර 4 ක ධුර කාලය තුළදී භුක්ති විඳ ඇති බවත් නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත සඳහන් කළේය. 81 වියැති ජනපති බයිඩන් දින 1326 ක ධුර කාලයෙන් දින 532 ක් විවේකීව කාලය ගතකර ඇති බවත් ඒ අනුව ඔහුගේ ධුර කාලයෙන් සියයට 40 ක් ඔහු නිවාඩු ගෙන ඇති බවත් රිපබිලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයේ සඳහන් වන බව නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත පෙන්වා දුන්නේය.

ගෝලීය අවිනිශ්චිතතාවයන් බහුල කාලයක සහ ඇමෙරිකාවේ උද්ධමනය ඉහළ ගොස් බඩු මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමක තිබෙන මොහොතක මේසා නිවාඩු දින ගණනක් රටේ ජනාධිපතිවරයා ලෙස ලබාගෙන තිබීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවට රිපබිලිකන් ජාතික කමිටුව කළ අනාවරණයත් සමඟ මේ වන විට විවේචන රාශියක් එල්ල වී ඇතැයි එම පුවත්පත ප්‍රකාශ කළේය.

ජනපති බයිඩන් ඊයේ(07) ඩෙලවෙයාර් ප්‍රාන්තයේ රෙහොබොත් වෙරළේ විවේකීව ගතකළ නිවාඩුව ඔහු එකදිගට ලබා ගත් 16 වැනි නිවාඩුව බවද රිපබිලිකන් ජාතික කමිටුව අනාවරණය කර ඇතැයි නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.

බයිඩන්ට නැවත වතාවක් තරඟ නොකරන ලෙස දැඩිව කියා සිටි හිටපු කතා නායිකා නැන්සි පෙලෝසි වැනි සෙසු ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සමඟ අමනාප වී සිටින නිසා ඔවුන් මගහැර සිටීමට පසුගිය ජූලි මාසයේදී සිට වැඩියෙන් නිවාඩු ගැනීමට පෙළඹී තිබෙන බවට මේ වනවිට මතයක් ගොඩනැගී ඇති බව එම පුවත්පත සඳහන් කළේය.

හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරුන් දෙදෙනකු වන බැරැක් ඔබාමා සහ රොනල්ඩ් රේගන් දෙවතාවක් ජනාධිපති ධුරය දරා ඇති බවත් ඔවුන් නිවාඩු දින ලෙස ලබාගෙන ඇත්තේ ඔවුන්ගේ ධුර කාලවලින් සියයට 11 ක් බවත් එසේම ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු ධුර දැරූ දින 1461 න් නිවාඩු ලෙස ලබාගෙන ඇත්තේ දින 381 ක් බවත් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කළේය.

ඒ අනුව අඩුවෙන්ම වැඩකළ ඇමෙරිකානු ජනාධිපතිවරයා වීමේ තරඟයේ පෙරමුණට ජනපති බයිඩන් රැගෙන ඒමට නිවාඩු දින 532 ක සමත්වී ඇතැයිද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය.

 



අදහස් (4)

බයිඩන් වැඩිපුර ‘‘අයිස්‘‘ ගහල

Kumar Sunday, 08 September 2024 07:45 PM

රිපබ්ලිකන් පාක්ෂිකයෝ ඔහොම කිව්වට තව වසර දෙකකින් ට්‍රම්ප් 80 වෙනවා .එයාටත් නිවාඩු ගන්න වෙනවා .දැන් චන්දයේ අපේක්ෂකයා බයිඩන් නොවේ .තරුණ කමලා

:       3       7

Prabha Monday, 09 September 2024 11:29 AM

විවේක සුවෙන් ගෙදර ඉන්න ඕනේ වයසේ ජනාධිපතිකම් කරන්න ගියාම ඔහොම තමයි.

:       1       6

Dharmatileke Monday, 09 September 2024 12:11 PM

ඇයි අපේ රටේ අයිස් ගහනවා කියලා නඩු දාන්නේ?

:       0       2

don Monday, 09 September 2024 03:30 PM

ලංකාවේ නම් ඉතින් ජනාධිපති කියන්නේ මානසිකව හැමදාම නිවාඩු තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 333 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 503 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site