
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ජාතිය ඇමතුවේය.
ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් යළිත් වරක් අවධාරණය කළේය.
රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අදහස් දැක්වීමක් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය ‘විනාශ කිරීමට’ උත්සාහ ගන්නා නපුරන් යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, හමාස් සංවිධානය මෙන්ම රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද හඳුන්වා දුන්නේය.
ඊශ්‍රායලයට මෙන්ම යුක්රේනයට ද දිගටම සහාය පළ කරන බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ප්‍රතිඥා දුන්නේය.
හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වදින ඊශ්‍රායලයට මූල්‍ය ආධාර අවශ්‍ය බවත් ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් ඊශ්‍රායලයට ලබා දීමට තමන් කටයුතු කරන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලස්තීනේ එවුනුත් අමතමින් ඉන්නේ බයිඩන්ගේ ............
හම්පඩ නාකියා වල පයයි ගොඩ පයයි ගින්නට පිදුරු දානවා
යුක්රේනය සහ පලස්තීනය සම්බන්ධයෙන් ඇමෙරිකාව අනුගමනය කරන්නේ දෙබඩි ප්‍රතිපත්තියක්. යුක්රේන යුද්ධයේදී බලවතා වන රුසියාවට විරුදධ වන අතර පලස්තීන යුද්ධයේදී බලවතා වන ඊශ්‍රාලයට ඇමරිකාව පක්ෂව කටයුතු කරයි. ලෝකයේ යුද ගිනි අවුලුවන්නේ සාමයට කතාකරන ඇමෙරිකාවයි...