
(අංජුල මහික වීරරත්න)
දෙස් විදෙස් සංචාරකයන්ට නවාතැන් ගෙන රෝග ප්‍රතිකාර ලබාගත හැකි නවීන පන්නයේ එය රෝහලක් බියගම කේන්ද්‍ර කරගනිමින් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.
බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව ඉදි කිරීමට නියමිත මෙම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම රෝහල ඉදිකෙරෙයි. මෙවැනි රෝහලක් ශ්‍රී ලංකාවේ ඉදි කරන්නේ ප්‍රථම වතාවටයි.
වෙල්නස් විලේජ් සංකල්පය ක්‍රියාවට නංවමින් “මෙඩිකල් ටුවරිසම්” ප්‍රවර්ධනය ඉලක්කය කර මෙම රෝහල ඉදි කරන බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ම පන්නයේ රෝහලක් ඉදිකරන්න යන්නේ රටේ තියෙන රෝහල්වල පහසුකම් අංග සම්පූර්ණයි කියලා හිතාගෙන වෙන්න ඇති...
විදෙස් සංචාරකයින්ට නවාතැන් ගේන රෝග ප්‍රතිකාර ලබාගත හැකි නවීන පන්නයේ රෝහලක් බියගම කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට රජය ගත් තීරණය අගය කරමු. එමෙන්ම විදේශ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු හෝ සිටීම රෝග ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන විදේශිකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට හැකිවේ....!
හදන්න... ඒත් බියගම ජන්ද නෑ කියලා මතක තියාගන්න.
දේශපාලුවන්ටයි, නිලධාරින්ටයි ගසාකන්න රත්තරන් ආකරයක්... අපිට නම් තවත් ණය බරක්... සාමාන්‍ය මනුස්සයාට මුකුත් නෑ...
අපේ රෝහල්වල බෙහෙත් නෑ... වාට්ටුවල ඇඳන් නෑ.. තියෙන බෙහෙත බාලයි... ඒවා හරිගස්සලා හිටියොත් හොඳයි...!
ඒ තව එක දවල් හීන කාරයෙක්.. පිනා හිතන් ඉන්නෙ එයාට රට බාරදෙන්න නේ.. මරු ඩබල.. තියන රෝහල් වලට වෛද්‍යවරු හෙදියන් සහ බෙහෙත් නැතුව කෙළවෙලා.. සුද්දන්ට මෙහෙ ඇවිත් දෙන්න යන්නේ කොත්තමල්ලි ද දන්නෑ...!