
(අංජුල මහික වීරරත්න)
බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්ත කරණයක් සිදු කර ඉදිරි වසර 15-20 ඇතුලත රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයන වැඩපිළිවෙළ අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එදා නොදියුණු ප්‍රදේශයක් වූ බියගම වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමිනි.
දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බවත් ඒ සමඟ එම සියලු ප්‍රදේශ වාණිජ නගර ලෙස ගොඩනැගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එසේම තම තමන්ගේ දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ගෙන ඒමට ජනතා නියෝජිතයන්ගේ කැපවීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනා සහ පොරොන්දු 3 වෙනි වටය දැන් පටන් අරන් තියෙන්නේ..., මෙයා යමපාලනයටත් කලින් කරපු ආණ්ඩුවක් යටතේ රට පුර ඇඟලුම් කර්මාන්ත දහස් ගණනක් හදනවා කියලා දීපු පොරොන්දුවක් තවමත් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා...
කාටද මේ කියන්නේ තම්බිලාට...? දැන් උන්දැලා පිට පොට ගහනවා ඇති සිංහලයින්ගේ ඉඩම් ටික ගන්න...
අනේ එපා...
ආසියාවේ ආස්චර්‍ය කරනවා කියලා ජනතාව ඇන්දුවේත් ඔහොම කියලා තමයි..!
ඕවා කරන්න ඔහේ වැඩි කාලයක් ඉන්නේ නැහැ...
මේවගේ සුරංගනා කතා කොච්චරක් අපි අහලා තියනවද ?
මෙහෙමත් මොට්ට කතා.1977 ඉඳන් පාර්ලිමේන්තුවේ හිටියට කරපු කෙහෙල්මලක් නැහැ,දැන් එනවා කියවන්න .වෝක්ස්වැගන් වගේ ගොන් කතාවක් මේකත්
ලංකාවේ නිවුස් බැලුවොත් 50%ක් පෙන්නන්නේ දේශපාලන පුවත්... පත්තරේ මුල් පිටුව ගත්තොත් ඒත් එහෙමයි...