
(කේ. බුද්ධික කුමාරසිරි)
බියගම බන්ඩරවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් ජල නල ගබඩාකර කර තිබූ ස්ථානයක් ආසන්නයේ අද (28) සවස හටගත් ගින්නනක් හේතුවෙන් විශාල ප්‍රදේශයකට හානි සිදුව ඇතැයි බියගම පොලිසිය පවසයි
ගින්නට හසු වීමෙන් ජල නල විශාල ප්‍රමාණයක් ගිනිගැනීමට ලක්ව ඇති අතර ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීම් සේවා රථ හතරක් මගින් කටයුතු කර ඇත
ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම ගින්න හටගත් ස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික අයතනයක විශාල කසල රැදවුමක් ද පැවැති අතර එම කසල ගොඩද ගිනිගැනීමට ලක්ව තිබෙන බව බියගම පොලිසිය පවසයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ යන කාලකන්නියෙක් ගිනිතියල නොවේද? පසුගිය දිනවල අපේ ගෙවල් ලඟ ඉඩමකට ඔය වගේ ගිනිතියන්න ගිය එකෙකුට සලකන්න සිදුවුනා වටපිට අයට.මොලේ අමාරු කාරයෝ ගිනිතියන්න කැමැත්ත