(ප්‍රේමතිලක පෙරමුණ)

තිනියාවල පොලිස් වසමේ යට්ටපාත නෙහෙරිහේන ප්‍රදේශයේ මහමග ගමන් කරමින් සිටී වයෝවෘද්ධ කාන්තාවකගේ හිස මතට ෙබඹර කූඩුවක් කඩාවැටීමෙන් දැඩි බඹර ප්‍රහාරයකට ලක්වී මීගහතැන්න රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි

මෙසේ මියගොස් ඇත්තේ යට්ටපාත නෙහෙරිහේන පදිංචි සීලවතී මදනායක නම් 75 හැවිරිදි කාන්තාවකි

මෙම අවදානම් බඹර කූඩු ගැන ප්‍රදේශයේ බලධාරීන් මෙයට පෙර දැනුවත් කර ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති