(අමදෝරු අමරජීව )

මහාදිවුල් වැව ජාතික පාසලේ බඹරු කූඩුවක් ඇවිස්සී යැමෙන් බඹරු ප්‍රහාරයට ලක් වූ සිසු සිසුවියන් 29 දෙනකු හා  ගුරුවරයකු අද  උදේ මහදිවුල් වැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව මොරවැව පොලිසිය කියයි.

මහදිවුල් වැව ජාතික පාසලේ කලක සිට මෙම බඹරකූඩුව පවතින අතර මීට පෙර අවස්ථාවකදීත් මෙලෙස බඹරු විද සිසුන් රෝහල්ගත කිරීමක් සිදුවූ බව දෙමාපියෝ පැවසූහ.

ඇවිස්සුණු බඹරුන්ගෙන් සිසුන් බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීහු පැමිණ දුම් ගසා බඹරු එලවා දැමූ අතර රෝහල්ගත කළ සිසුන් 29 දෙනා අතරින් සිසුවියන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලට යැවූ බව රෝහල් බලධාරීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම බඹර වදයට දෙඹරුන් පැමිණීම නිසා හෝ තද සුළං නිසා හෝ මෙය ඇවිස්සි ඇති බවයි.