IMG-LOGO

බීමතින් රිය පැදවූ ඇමති රියැදුරා මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අමාත්‍යවරයකුට අයත් නිල රථයක් බීමතින් පදවාගෙන ගිය බව කියන එම අමාත්‍යවරයාගේ රියදුරා නාරහෙන්පිට පොලීසිය අද අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අමාත්‍ය වරයාගේ නිල රථය ද මේ සමඟ පොලිස් භාරයට ගෙන ඇත.

රියදුරා බීමතින් සිටි බව අදාළ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග  සඳහන් කරයි.

රියදුරා බීමතින් රථය පදවාගෙන යන අවස්ථාවේ අමාත්‍යවරයා රථයේ ගමන් කර නොමැත.

අමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු මේ අවස්ථාවේ එම නිල රථයේ සිට ඇතැයි එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

නාරහෙන්පිට පොලිස් ස්ථානයට ඇතුළුවීමට ඇති ප්‍රධාන දොරටුව ළඟ දී පොලිස් නිලධාරීන් සමඟ ඇමති රියදුරා සහ පොලිස් කොස්තාපල්වරයා බහින්බස් වීමක් සිදු කර ගෙන තිබෙන බවද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

පොලිස් නිලධාරියෙක් මේ බව පොලිස් පොතේ සටහන් ද යොදා ඇතැයි කියති.

 



අදහස් (2)

බීමතින් රිය පැදවූ ඇමති රියැදුරා මාට්ටු

Banda Wednesday, 21 June 2023 05:26 AM

මෙවැනි ප්‍රවුර්ති පලකිරීමෙ ඇති ප්‍රයෝජනය කුමක්ද ? ඒ රියදුරාට දඬුවම් ලැබෙයි කියල ඔබල හිතනවද ?රට විනාස කරන හැත්තක් ඉන්න බව ඔබ දන්නේ නැද්ද?

:       0       4

fairoosWednesday, 21 June 2023 12:10 PM

ඇමතිගෙ නම ප්‍රසිඩ්ඩ කරන්ඩ බැරිනම් මේවයි වැඩක් නැහැ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 497 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 678 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 277 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site